ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සහ බිරිඳ අත්අඩංගුවට..!

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා…
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.
ගුවන් යානා මිලදී ගැනීමක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූ ගනුදෙනුවකදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් භාර දෙනු ලැබු විමර්ශන වාර්තා සළකා බැලීමෙන් පසු නීතිපතිවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත.කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේය.
ශ්‍රී ලංකා ගුවන් සේවය ගුවන් යානා නිෂ්පාදනය කරන එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමඟ සිදු කළ ගනුදෙනුවේ දී ඇතැම් පුද්ගලයන් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු රැසක් සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක සහ අන්තර්ජාල වෙබ් අඩවි ගණනනාවක පළ වී තිබූ අතර ඒ පිළිබඳ සිය අවදානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් සිදු කොට තමා වෙත කරුණු වාර්තා කරන ලෙසට අදාළ බලධාරීන්ට නියෝග කර තිබිණ.