අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ශ්‍රී ලංකන් එයාර් රුපියල් බිලියන 165ක් පාඩුයි

ශ්‍රී ලංකන් එයාර් රුපියල් බිලියන 165ක් පාඩුයි

මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් මිලියන 525ක (රුපියල් බිලියන 165ක් පමණ) පාඩුවක් ලබා තිබේ. Covid-19 වසංගතය අවසන් වීමෙන් පසු 2022 වසරේ ගුවන් සේවා…

මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් මිලියන 525ක (රුපියල් බිලියන 165ක් පමණ) පාඩුවක් ලබා තිබේ.

Covid-19 වසංගතය අවසන් වීමෙන් පසු 2022 වසරේ ගුවන් සේවා කර්මාන්තයට හොඳ කලක් උදා වුවත් එම වසරේ පාඩු ලැබූ ගුවන් සේවා තිබෙන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ අතරින් එක් සේවයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ මාර්තු මාසයේදී අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව තුන් ගුණයකින් වැඩි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න