ශ්‍රී රතන ජෝති නා හිමිගේ අපවත් වීම සසුනට විශාල පාඩුවක්

අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අති පූජ්‍ය, මකුරුප්පේ ශ්‍රී රතනපාල රතන ජෝති නා හිමියන්ගේ අපවත් වීම සසුනට, රටට සහ ජනතාවට විශාල පාඩුවක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අති පූජ්‍ය, මකුරුප්පේ ශ්‍රී රතනපාල රතන ජෝති නා හිමියන්ගේ අපවත් වීම සසුනට, රටට සහ ජනතාවට විශාල පාඩුවක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම ශෝක පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
අපවත් වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අති පූජ්‍ය, මකුරුප්පේ ශ්‍රී රතනපාල රතන ජෝති නාහිමියන් සසුන් කෙත බැබළ වූ යථිවරයාණන් වහන්සේ නමකි.
දැන්වීම
මහින්දාගමනයෙන් ඇරඹි වැලිවිට අසරණ සරණ සංඝරාජයාණන් වහන්සේගෙන් පෝෂණය වූ අපේ සඟ පරපුරෙන් මේ මොහොත දක්වාම සම්බුද්ධ සාසනයටත් සමස්ථ ජනතාවගේ ප්‍රගමනයටත් වූ සේවය අප්‍රමාණය. එවන් සසුන්කෙත බැබළ වූ මහතෙර නමක් වූ සුදුහුම්පොල රජමහා විහාරය, ඉඟුරුවත්ත රජමහා විහාරය, මාතලේ කුඹල්ඔළුව දිවුරුම්බෝධි මහා විහාරය ගල්ගොමුව සුධර්මාරාම රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවක ආධිපත්‍ය දැරුවා වූ ඓතිහාසික අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අතිපූජ්‍ය, මකුරුප්පේ ශ්‍රී නාගසේන රතනපාල රතනජෝති නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම ශාසනයට වූ මහත්ම පාඩුවකි. මෙම කණගාටුදායක පුවත සැලවීමෙන් පෞද්ගලිකව මට ද ඇති වූයේ විශාල සංවේගයකි.
අපවත්වී වදාල නායක ස්වාමීන් වහන්සේ හා මා අතර වූ හිතවත්කම සහ මිත්ත්‍රවය විශාල විය. මා ඇමතිවරයෙකු සහ පාර්ලිමේන්තුවේ කථා නායක වශයෙන් කටයුතු කරන ලද අවධියේත් ඊට පසුවත්, මට දක්වන ලද්දේ පුදුම ලැදියාවකි, ලෙන්ගතුකමකි.
ඓතිහාසික අස්ගිරි විහාරයේ උතුම් මහා නායක පදවිය ඉසිලූ අති පූජ්‍ය ශ්‍රී නාගසේන ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වූ අප නා හිමිපාණන් වහන්සේ ශාසනයටත් සමස්ත ජනතාවටත් විශේෂයෙන් කන්ද උඩරට ජනතාවටත් මහත් සේවාවක් කළහ.
තව ද සමස්ත ත්‍රෙයිනිකායික මහා සංඝරත්නයේ ගෞරවාදරයට පාත්‍ර විය. සංඝ සාමග්‍රිය ඇති කිරීම සඳහා මහත් කැපවීමකින් කටයුතු කළ අප නා හිමිපාණන් වහන්සේ නිහතමානිත්වයේ ප්‍රතිමූර්ථයක් ද විය. ආගන්තුක සත්කාරය සහ අන්න්‍යයන්ට පිහිට වීම ආදී උතුම් මනුෂ්‍ය ධර්මයන්ගෙන් පෝෂණය වූ අප නා හිමිපාණන් වහන්සේ විචිත්‍ර ධර්මදේශකයකු සේම පඬිවරයෙකු ද වූහ. ඉදිරියටත් සිය ශාසනික සේවාවන් සිදු කිරීමට හැකි ශිෂ්‍ය පිරිසක් දායාද කිරීමෙන් ද කරන ලද සේවාව ද අගය කළ යුතුය.
මේ ශෝක ජනක මොහොතේ තම ශිෂ්‍ය පිරිසටත්, විශේෂයෙන් උන්වහන්සේ නියෝජනය කරන අස්ගිරි මහා විහාර පාර්ශවයේ, අති පූජ්‍ය, මහා නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාවටත් මාගේ ශාතිශය ශෝකය ප්‍රකාශ කරමි. මහණකම මහත් ආභරණයක් කොට සැලකූ ගරුතර අප නා හිමිපාණන් වහන්සේට නිර්වාන සම්පත්තිය ලැබේවායි පතමි.