ශ්‍රීලනිප සහ ජවිපෙ තවත් ප්‍රබලයින් පිරිසක් සජබයට එක් වෙති

විපක්ෂ නායකගේ ජනපති ජය තහවුරු කිරීමට ප්‍රතිඥා දෙති "රට ගොඩනැගිය හැක්කේ විපක්ෂ නායකට විතරයි" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ප්‍රාදේශීය නායකයින් පිරිසක් විපක්ෂ නායක සජිත්…
විපක්ෂ නායකගේ ජනපති ජය තහවුරු කිරීමට ප්‍රතිඥා දෙති
"රට ගොඩනැගිය හැක්කේ විපක්ෂ නායකට විතරයි"
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ප්‍රාදේශීය නායකයින් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක් වූහ.
මේ පිරිස සමගි ජන බලවේගය සමග මෙසේ එක් වූයේ එම පක්ෂය මගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවිධානය කෙරුණු ජන පවුර වැඩ සටහනේ දී වන අතර ඊට විශාල ජනකායක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන පොදු ජන එක්සත් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
දැන්වීම
ඒ මහතා 1993 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ අතර 1994 දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී 2001 වසරේ දී ආහාර වෙළෙඳ කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අමත්‍යවරයකු ලෙස ද කටයුතු කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සේම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගය හා එක්විය. 1993 දී උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ඒ මහතා 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත්ව වසර 7ක් මින්නේරිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේය.
තවද ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.