අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ අතර රහස් හමුවක්..!

ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ අතර රහස් හමුවක්..!

ශ්‍රීලනිප මන්ත්‍රීන් හතකගේ සහය හිටපු අගමැතිට..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු සහ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සහ තීරණාත්මක…

ශ්‍රීලනිප මන්ත්‍රීන් හතකගේ සහය හිටපු අගමැතිට..!

ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ අතර රහස් හමුවක්..!

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු සහ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සහ තීරණාත්මක හමුවක් හෙළි කළ නොහැකි කොළඹ විශේෂ ස්ථානයකදී ඊය (29) රාත්‍රියේ පැවැත්විණ.

මේ පිරිස හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පස් වැනි පටුමගේ පිහිටි සිය නිවසින් ඊයේ (29) රාත්‍රී 9.30 ට පමණ පිටව ගොස් තිබෙන්නේ තනිවම වන අතර ඔහු යළි සිය නිවසට පැමිණ තිබෙන්නේ මධ්‍යම රාත්‍රියත් පසු වූ පසුවය.

2018 ඔක්තෝබර් මස 26 වැනිදාට පෙර පැවති රටේ පැවති දේශපාලන තත්ත්වය යළි තහවුරු කිරීම සඳහා,එනම් එක්සත් ජාතික පෙරමුණ සහ එකසත් ජනතා නිදහස් සන්ධනය එකට එක්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය ධූරයෙන් යුතු සම්මුතිවාදී යහ පාලන ජාතික රජය වෙනුවෙන් සිය සහය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එහිදී අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මන්ත්‍රීවරුන් කණ්ඩායම මේ ස්ථාවරයට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මැදිහත් වීමෙනි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකු ද අද (30) උදැසන වන විට මේ මන්ත්‍රීවරුන් හය දෙනා සිටින ස්ථාවරයට පැමිණ ඇති අතර ඔහු ඒ බව එක්සත් ජාතික පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා මාර්ගයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්ථාවරය දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් ඒ බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාර්ගයෙන්ම අදාළ ප්‍රබල ඇමතිවරයාට දැනුම් දී ඇත.

ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ අතර රහස් හමුවක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ අතර රහස් හමුවක්..! | Lanka Newsweek