ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අත්හිටුවයි..!

(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අත්හිටුවා තිබේ. මධ්‍යම කාරක සභාව පැවැත් වෙන…
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අත්හිටුවා තිබේ.
මධ්‍යම කාරක සභාව පැවැත් වෙන ඉදිරි දිනය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙසේ රැස්වීමට නියමිතව තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් කැබිනට්,රාජ්‍ය සහ නියෝජ්‍ය මැති ඇමතිවරුන් දහසය දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වී විපක්ෂයේ අසුන් ගැනීමට කර තිබු ඉල්ලීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහාය.