ශ්‍රීලනිප ප්‍රබලයින් සිව් දෙනකුගේ තනතුරුවලට තට්ටු වෙයි ?

(සුජිත් මංගල ද සිල්වා ) අය වැය තෙවන වර ඡන්ද විමසීමට පෙර ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනකු ද එම ධූරවලින් පහ කිරීමට ඉඩ තිබේ. මේ පියවර ගනු ඇත්තේ…
(සුජිත් මංගල ද සිල්වා )
අය වැය තෙවන වර ඡන්ද විමසීමට පෙර ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනකු ද එම ධූරවලින් පහ කිරීමට ඉඩ තිබේ.
මේ පියවර ගනු ඇත්තේ කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න,ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක,රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ සහ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් සම්බන්ධයෙන් විය හැකි බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
දැන්වීම
ඊට හේතු වී තිබෙන්නේ මේ මැති ඇමතිවරුන් අය වැයට විරුද්ධව ඡන්දය දී ඒකාබද්ධ විපක්ෂයට එක්වී ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවයට පත් කිරීමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු හෙළි වෙමින් තිබීමය.
මේ අතර කොළඹ පිහිටි සිය නිවසේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (15) රාත්‍රියේ හමුවී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයට ගත යුතු අය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සකච්ඡා කර ඇත.
මේ අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග එම දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
මේ අතර කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාගේ පවුලේ ආරංචි මාර්ග පවසන්නේ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාම යෝජනා ලබාදීම ආරම්භ කළ වහාම ඔහු ඒකාබද්ධ විපක්ෂය සමග එක් වනු ඇති බවය.
ජෝන් සෙනවිරත්න මහතා මෙසේ ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වනු ඇත්තේ ඔහුගේ බිරිය අතුලු පවුලේ සමීපතමයින්ගේ බල කිරීම මත බව දන ගන්නට තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මෙසේ ඒකාබද්ධ විපක්ෂයට යළිත් වතාවක් එක්වීමේ උනන්දුව වර්ධනය වී තිබෙන්නේ පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය තනිව තරඟ කිරීමට තීරණය කිරීමත් සමඟ බව බුද්ධි අංශ පෙන්වාදෙයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් මේ වන විටත් උත්සහ කරමින් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය ද එකට එකතු කරගෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහය.
එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මහා ලේකම් මහින්ද අමරවීර මහතා මේ වෙනුවෙන් මැදිහත් වී සිටින අතර බස්නාහිර පළාත් මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා ද මෙහිදී විශාල භූමිකාවක් කරමින් සිටියි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා අවස්ථා ගණනාවකදී හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව ද දැනගන්නට තිබේ.