ශ්‍රීලනිප අනුශාසකකමෙන් හිටපු ජනපතිනිය හෙට අනිද්දාම නෙරපන ලකුණු..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අත්තනගල්ල ආසන සංවිධායක ධූරයෙනුත් ඉවතට..? “මෛත්‍රී-චන්ද්‍රිකා” අළු යට ගිණි පුපුරයි..! (ශාන්ත කුමාර අබේසිරි) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර මතුවී…
අත්තනගල්ල ආසන සංවිධායක ධූරයෙනුත් ඉවතට..?
“මෛත්‍රී-චන්ද්‍රිකා” අළු යට ගිණි පුපුරයි..!
(ශාන්ත කුමාර අබේසිරි)
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ චන්ද්‍රි කුමාරතුංග මහත්මිය දැනට දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක ධූරයෙන් වගේම අත්තනගල්ල ආසන සංවිධායක ධූරයෙන් හෙට අනිද්දාම පහ කෙරෙණු ඇතැයි එම අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොතකා සහ ඔහු අභිභවා බලය අතට ගෙන පක්ෂය මෙහෙයවීමට මුල සිටම දරමින් සිටින උත්සාහය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණේ අවශ්‍යතාවය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිස ජනාධිපතිවරයාට එරෙහිව මෙහෙයවමින් පක්ෂය අභ්‍යන්තරයේ කල්ලි වාදය ඉස්මතු කර අර්බුද ඇති කිරීම බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.
මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ඉල්ලීම පරදි රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ඇයගේ පෞද්ගලික සමීපතමයින් එම තනතුරුවලින්ද,ඇයට පක්ෂපාතී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූර දරන තිස් දෙනෙකු එම ධූරවලින්ද පහ කිරීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ ක්‍රියාදාමයට එරෙහිව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හිතවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් පිරිසක්, එක්සත් ජාතික පෙරමුණු රජයට සහාය පළ කරමින් යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටු විය යුතු බවට වන යෝජනාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බව සිය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1