අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රීලනිපය තනි ගමනකට සුදානම්

ශ්‍රීලනිපය තනි ගමනකට සුදානම්

(නයන තරංග ගමගේ ) සාධාරණ ආසන සංඛ්‍යාවක් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ලබා දීමට ආණ්ඩු පක්ෂය අපොහොසත් වුවහොත් ස්වාධීන ගමනක් යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…

(නයන තරංග ගමගේ )


සාධාරණ ආසන සංඛ්‍යාවක් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ලබා දීමට ආණ්ඩු පක්ෂය අපොහොසත් වුවහොත් ස්වාධීන ගමනක් යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනතුරු අඟවා තිබේ.

හිටපු ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදුකරනු ලැබුවේ ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිණි.පසුගිය මහ මැතිවරණයේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසාධාරණ ලෙස සැලකුම් ලැබූ බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

"පසුගිය මහ මැතිවරණයේදී අපට අපේක්ෂකයන් තිහක් ලබා දුන්නා නම්, අපට අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර විසි පහක් ලැබෙන්න තිබුණා.පාලක පක්ෂය අපේ අපේක්ෂකයන් නම් කරමින් ඔවුන්ට සංවිධානාත්මකව දේශපාලනික ප්‍රහාර එල්ල කළා යැයිද වැඩි දුරටත් අවධාරණය කර ඇත.

දැන්වීම

මීට අමතරව කොවිඩ් ආසාදනයවී මරණයට පත්වන සිය සමීපතමයන් භූමිදානය කිරීමේ අයිතිය මුස්ලිම් ජාතිකයන්ට හිමිවිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ. එසේම පළාත් සභා අහෝසි කිරීමට උත්සහ කිරීම ''ගින්දරත් සමග සෙල්ලම් කිරීමක්''යැයිද පෙන්වාදී තිබේ.

-අරුණ- 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රීලනිපය තනි ගමනකට සුදානම් | Lanka Newsweek