අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රීලනිපය-ඒකාබද්ධය බැඳුම්කර විවාදයට කල් ඉල්ලයි

ශ්‍රීලනිපය-ඒකාබද්ධය බැඳුම්කර විවාදයට කල් ඉල්ලයි

පක්ෂ නායක රැස්වීම උණුසුම් වෙයි (සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපතිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා නිශ්චිත කාලයක් අවශ්‍ය බවට ශ්‍රී ලංකා නිදහස්…

පක්ෂ නායක රැස්වීම උණුසුම් වෙයි

(සුජිත් මංගල ද සිල්වා)

බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපතිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා නිශ්චිත  කාලයක් අවශ්‍ය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය කියා සිටීම හේතුවෙන් අද (09) සවස පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

බැඳුම්කර කොමිෂන් වාර්තාවේ පිටපත්  තවමත් පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ට ලැබී නොතිබීම සහ එම වාර්තාව ලැබුණාට පසුව ඒ පිළිබඳව අධ්‍යනය කිරීමට තිබීම යන කරුණු මත එම විවාදය සඳහා නිශ්චිත කාලයක් අවශ්‍ය බව දේශපාලන පක්ෂ නායකයෝ පෙන්වා දුන්හ.

දැන්වීම

එසේ නම්  බැඳුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි  බල කර සිටියේ මන්දැයි ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ප්‍රශ්න කළ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එක්සත් ජාතික පක්ෂය එම විවාදයට ඕනෑම අවස්ථාවක සූදානම් බව ද පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීම කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීරණයේ දී අද (09) පැවත් වූයේ හෙට (10) කැඳවා තිබෙන පාර්ලිමේන්තු විශේෂ රැස්වීමේදී කිරීමට යෝජනා වී තිබූ බැඳුම්කර වාර්තාවට අදාළ විවාදය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහාය.

වහාම ක්‍රියාත්මක වන පරිදි  පාර්ලිමේන්තුව හෙට  (10) පෙරවරු 10.30 ට කැඳවා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (09) සවස පැවැත්වීමට  කතානායක කරු ජයසූරිය මහතා පියවර ගනු ලැබුවේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ඉල්ලීමට අනුවය.

බැඳුම්කර ගනු දෙනුවට අදාළව ජනාධිපති විමර්ශන කොමිසම මගින් නිකුත් කෙරුණු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයෙන් පසුව ඒ පිළිබඳව  විවාදයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඒකාබද්ධ විපක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කතා නායකවරයාගෙන් ඉල්ලා තිබිණ.

ඒ අනුව කතානායක කරු ජයසුරිය මහතා ඒ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබිණ.ඒ 2018 ජනවාරි මස 23 වැනිදා රැස්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තුව ඊට පෙර රැස් කරනවා නම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ ඒ සඳහා බලය ඇත්තේ අගමැතිවරයාට වන නිසාය.

ඒ ඉල්ලීම් අනුව පාර්ලිමේන්තුව කලින් රැස් කිරීමට පියවර ගන්නැයි අගමැතිවරයා දැනුම් දී අති අතර කතානායක කරු ජයසුරිය මහතා මේ  පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීම කැඳවනු ලැබුවේ ඒ අනුවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ශ්‍රීලනිපය-ඒකාබද්ධය බැඳුම්කර විවාදයට කල් ඉල්ලයි | Lanka Newsweek