ශ්‍රීලනිපයේ සහ පොහොට්ටුවේ තවත් ප්‍රබලයින් තිදෙනෙක් සජබයට එක් වෙති

වයඹ හිටපු මහා ඇමති-ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් සංවිධායක-පොහොට්ටුවේ පොතුවිල් කැඳවුම්කරු විපක්ෂ නායකගේ රට හදන වැඩ පිළිවෙළ අගයති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල නායකයෙකු වන වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන…
වයඹ හිටපු මහා ඇමති-ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් සංවිධායක-පොහොට්ටුවේ පොතුවිල් කැඳවුම්කරු
විපක්ෂ නායකගේ රට හදන වැඩ පිළිවෙළ අගයති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල නායකයෙකු වන වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක් විය.
ධර්මසිරි දසනායක මහතා, වයඹ පළාත් මහා ඇමතිවරයා ලෙස පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වන අතර ඔහු වයඹ පළාත් සභාව අහෝසි වන තුරුම එහි මහා ඇමතිවරයා ලෙස කටයුතු කළේය. ඊට අමතරව ධර්මසිරි දසනායක මහතා පොළොන්නරු දිස්ත්‍රික්කයේ බිංගිරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන සංවිධායක ධුරයේ ද කටයුතු කර තිබේ.
දැන්වීම
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක් විය. සමගි ජන බලවේගය සමග එක් වීමෙන් අනතුරුව සමන්ත ප්‍රදීප් කුමාර මහතා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොතුවිල් ආසනයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොතුවිල් ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අබ්දුල් මජීඩ් මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක් විය. අබ්දුල් මජීඩ් මහතා සමගි ජන බලවේගයට එක් වීමෙන් අනතුරුව ඔහු පොතුවිල් ආසනයේ සම සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.
