අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රීලනිපයේ සහයත් විපක්ෂ නායකට

ශ්‍රීලනිපයේ සහයත් විපක්ෂ නායකට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන පාර්ශ්වය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සහ සමගි ජන සන්ධානයේ නායක සජි්ත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන පාර්ශ්වය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සහ සමගි ජන සන්ධානයේ නායක සජි්ත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිය්හයින් සමග කොළඹදී සිකුරාදා (03) පැවැත්වූ විශේහ සහ තීරණාත්මක සාකච්ඡාවකින් ‌පසු මෙම දේශපාලන තීරණය ගත් බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

"මේ තීරණය ඉතාම තීරණාත්මකයි. නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවාසරයකින් තොරව ආණ්ඩුවේ මැති-ඇමතිකම් භාර ගෙන ක්‍රියා කළ නිසා මේ අර්බුදය ඇති වුණා. එම නිසා ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දීමට අප ඓතිහාසික තීරණයක් ගත්තා." යැයි ද දයාසිරි ජයසේකර මහහ එහිදී අවධාරණය කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න