ශ්‍රීලනිපයේ-පොහොට්ටුවේ අපේක්ෂකයින් පිරිසක් එජාපයට

(සුජිත් මංගල ද සිල්වා) කොළොන්නාව මැතිවරණ කොට්ඨාශයේ පළාත් පාලන ආයතන කිහිපයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයින් තිදෙනෙකු ඇතුළු එම පක්ෂවලට අයත් ක්‍රියාකාරී…
(සුජිත් මංගල ද සිල්වා)
කොළොන්නාව මැතිවරණ කොට්ඨාශයේ පළාත් පාලන ආයතන කිහිපයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයින් තිදෙනෙකු ඇතුළු එම පක්ෂවලට අයත් ක්‍රියාකාරී සාමාජිකයන් රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (12) එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.
කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වූ අය අතර, කොළොන්නාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන සුදත් සේනක, චින්තක මුතුකුමාරණ, එම නගර සභාවට මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයින් වන සමන් නිශ්ශංක, මංජුලා හේරත් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂක සහ ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ කොලොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක වෙලින්ටන් කහදවලආරච්චි යන මහත්ම මහත්මීහු වෙති.
එක්සත් ජාතික පක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා කොලොන්නාව ප්‍රදේශයේ දියත් කර තිබෙන ජනතාවාදී වැඩ පිළිවෙළ අගය කරමින් මෙලෙස එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගත් බව මෙම පිරිස පැවසූහ.