ශ්‍රීලනිපයේ ප්‍රබලයෙක් සජබයට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, බටහිර අනුරාධපුර මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායක ඩී. එම්. නලින් දිසානායක මහතා සමගි ජන බලවේගය සමග එක් වී තිබේ. අනුරාධපුර, නොච්චියාගම ප්‍රාදේශීය…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, බටහිර අනුරාධපුර මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායක ඩී. එම්. නලින් දිසානායක මහතා සමගි ජන බලවේගය සමග එක් වී තිබේ.
අනුරාධපුර, නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඩී. එම්. නලින් දිසානායක මහතා ජපානයේ "සයිතාවෝ කූ" ආයතනයේ නිමි ඇදුම් නිර්මාණකරුවකු ලෙස ද කලක් කටයුතු කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට එක් වූ ඩී. එම්. නලින් දිසානායක මහතා ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඇපකැප වී ක්‍රියා කරන බවට ද සහතික වී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1