අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රීලනිපයේ තවත් ප්‍රබලයින් තිදෙනෙක් සජබයට එක් වෙති

ශ්‍රීලනිපයේ තවත් ප්‍රබලයින් තිදෙනෙක් සජබයට එක් වෙති

විපක්ෂ නායකගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ගැන පැහැදෙති රනිල් පරදා සජිත් ජනපති කරන බවට සහතික වෙති ශ්‍රීලනිපය දිය වෙලාම යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබල නායකයින් සිව් දෙනෙක් විපක්ෂ නායක සජිත්…

විපක්ෂ නායකගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ගැන පැහැදෙති 

රනිල් පරදා සජිත් ජනපති කරන බවට සහතික වෙති 

ශ්‍රීලනිපය දිය වෙලාම යයි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබල නායකයින් සිව් දෙනෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩ පිළිවෙළට සිය සහය පළ කරමින් ඔහු හමු වී සමගි ජන බලවේගය සමග එක් විය. 

ඒ නැගෙනහිර අනුරාධපුර බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඩී. පී. බන්දුසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව ප්‍රධාන සංවිධායක ඩී. කේ. ඩී. දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරවෙළ ප්‍රධාන සංවිධායක ආර් එම් රසික දේශප්‍රිය රත්නායක යන මහත්වරුන්ය. 

නැගෙනහිර අනුරාධපුර බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඩී. පී. බන්දුසේන මහතා, 2002-2006 කාලයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙසත්, 2006-2011 සහ 2011-2015 කාලයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ. එසේ ම ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 නොවැම්බර් මස 23 වැනි දින සිට නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසත් පත් කර තිබේ.

දැන්වීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව ආසනයේ ප්‍රධාන සංවිධායක ඩී. කේ. ඩී. දිසානායක මහතා එම පක්ෂයේ උපාධිධාරී සංවිධානයේ සහ ශිෂ්‍ය සංවිධානයේ හිටපු ලේකම්වරයා ලෙසත්, මධ්‍යම කාරක සභිකයකු ලෙසත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු විධායක අධ්‍යයක්ෂ ලෙසත් කටයුතු කර ඇත. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරවෙළ ආසනයේ ප්‍රධාන සංවිධායක ආර් එම් රසික දේශප්‍රිය රත්නායක මහතා එම පක්ෂයේ  මධ්‍යම කාරක සභිකයෙකු ද, පක්ෂයේ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ උප සභාපතිවරයා ලෙස ද, තරුණ සංවිධානයේ ජාතික සංවිධායකවරයා ලෙස ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ සභාපතිවරයා ලෙස ද, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යයක්ෂකවරයකු ලෙස ද කලක් කටයුතු කර ඇත. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න