අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වොෂින්ටන් අවට ශ්‍රී ලාංකික විහාර රැසකට හොරුන්ගේ තර්ජණ

වොෂින්ටන් අවට ශ්‍රී ලාංකික විහාර රැසකට හොරුන්ගේ තර්ජණ

ඇමෙරිකාවේ වොෂින්ටන් DC ආශ්‍රිත බෞද්ධ විහාරයක් වන මහ මෙව්නා අසපුවට ඇතුළු වූ හොරු කණ්ඩායමක් එහි තිබූ මුදල් සොරකම් කොට තිබෙන බව විහාරාධිපති තලාවේ ධමිතබෝධි හිමියෝ පොලීසියට පැමිණිලි කොට ශ්‍රී ලංකා තානාපති…


    
ඇමෙරිකාවේ වොෂින්ටන් DC ආශ්‍රිත බෞද්ධ විහාරයක් වන මහ මෙව්නා අසපුවට ඇතුළු වූ හොරු කණ්ඩායමක් එහි තිබූ මුදල් සොරකම් කොට තිබෙන බව විහාරාධිපති තලාවේ ධමිතබෝධි හිමියෝ පොලීසියට පැමිණිලි කොට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද දැනුවත් කොට තිබේ.

උන්වහන්සේලා විහාරයේ නොසිටි අවස්ථාවක මේ සොරකම සිදුව තිබෙන අතර වොෂින්ටන් DC විහාරයට ද පසුදා එවැනි සැක කටයුතු තිදෙනෙක් පැමිණ පිරිත් පැන් ඉල්ලා ඇති අතර ඔවුන් ගේට්ටුවෙන් පිටත රඳවා ජල බෝතල් තුනක් ලබාදී හරවා යැවීමට එම විහාරයේ වතුලියද්දේ රතනසීහ හිමි සූක්ෂමවී තිබේ. 

තවද වර්ජිනියා හි ධම්මනදය විහාරයට පැමිණි සැකකටයුතු කාන්තාවන් පිරිසක් පිරිත් පැන් ඉල්ලමින් ඊට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර එම විහාරාධිපති හිමියන් ඔවුන්ගේ එම උත්සාහය ව්‍යර්ථ කොට තිබේ. එසේ නොවන්නට කිසියම් අනතුරක් එම විහාරස්ථානවලට ද සිදුවීමට තිබූ බවට අනුමාන කෙරේ. ශ්‍රී ලාංකික විහාරවලට අමතරව තායිලන්ත බුරුම කාම්බෝජ සහ වියට්නාම් විහාරවලට ද සොරුන්ගේ තර්ජණ දැඩිව බලපා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
         
මෙම සිද්ධීන් සැලවීමත් සමඟ එරට ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ක්‍රියාත්මකවී තිබේ. ඇමෙරිකාවේ වොෂින්ටන් මේරිලන්ඩ වර්ජිනියා ප්‍රදේශවල විහාරවල නා හිමිවරුන්ට කතා කරමින් සොර සතුරන්ගෙන් ප්‍රවේශම්වීම ගැන උපදෙස් දුන්නා පමණක් නොව ඇමෙරිකාවේ FBI ඔත්තු සේවය ද දැනුවත් කළේය. 

දැන්වීම

තවද වොෂින්ටන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා සහ ආරක්ෂක උපදේශකවරයා මේ ගැන FBI සමඟ සාකච්ඡාවකට යොමු කිරීමට සහ ඇමෙරිකවේ පිහිටි සියලු බෞද්ධ විහාරස්ථානවල ආරක්ෂාව සහතික කරන ලෙස ලිඛිත ඉල්ලීමක් සිදු කිරීමට ද තානාපති මහින්ද සමරසිංහ මහතා කටයුතු කොට තිබේ.

සොරකම්වලට අදාළ CCTV දර්ශන ආරක්ෂක අංශවලට ලබාදී ඇති අතර එම හොරු කණ්ඩායම නැගෙනහිර යුරෝපා රටවලින් පැමිණ අනවසරයෙන් ඇමෙරිකාවේ රැදී සිටින පිරිසක් බවට අනුමාන කෙරේ. එම පිරිස සංවිධානාත්මක කණ්ඩායමක් බවත් කඨින පිංකම් සහ බැතිමතුන් විශාල ලෙස එක්වන ආගමික කටයුතු නිමවූ විගස විහාරස්ථානවල එකතු වන මුදල් සොරකම් කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බව ද තානාපතිවරයා පෙන්වා දෙයි.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වොෂින්ටන් අවට ශ්‍රී ලාංකික විහාර රැසකට හොරුන්ගේ තර්ජණ | Lanka Newsweek