වෛද්‍ය සාෆිට ඊයෙත් ඇප නෑ..!

වෛද්‍ය සාෆිට අදත් ඇප නෑ වඳ සැත්කම් චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් ඊයේ (11දා) නැවතත් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනි දා දක්වා යළි…
වෛද්‍ය සාෆිට අදත් ඇප නෑ වඳ සැත්කම් චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් ඊයේ (11දා) නැවතත් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය.
මීට අමතරව ඔහු උපයා ඇති දේපළ පිළිබඳ නියම තක්සේරු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා තක්සේරු දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වෛද්‍යවරයා රඳවාගෙන තබා ගත්තද එම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි මේ වනතෙක් අනාවරණය වී නැති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන් අතර වෛද්‍යවරයාගේ සිසේරියන් සැත්කම්වලට භාජනයවීමෙන් අනතුරුව තවමත් දරුවෙකු පිළිසිඳ නොගත් බවට පැමිණිලි කළ මව්වරුන් 143 දෙනකු SHG නම් පරීක්ෂණයකට භාජනය කිරීමට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.