වෛද්‍යවරයෙකු කුඩු ගහද්දී මාට්ටු

"අයිස්" (Methamphetamine) මත්ද්‍රව්‍ය සිය සන්තකයේ තබා ගෙන කඩ කාමරයක වී සැඟ වී පානය කරමින් සිටී මාතර, වලස්මුල්ල මූලික රෝහලේ මත්ලෝලී වෛද්‍යවරයෙකු සහ ඔහුගේ මිතුරෙකු මාතර, දීයගහ ප්‍රදේශයේ දී ප්‍රශ්න…
"අයිස්" (Methamphetamine) මත්ද්‍රව්‍ය සිය සන්තකයේ තබා ගෙන කඩ කාමරයක වී සැඟ වී පානය කරමින් සිටී මාතර, වලස්මුල්ල මූලික රෝහලේ මත්ලෝලී වෛද්‍යවරයෙකු සහ ඔහුගේ මිතුරෙකු මාතර, දීයගහ ප්‍රදේශයේ දී ප්‍රශ්න කිරීම සදහා සැක පිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
අදාළ වෛද්‍යවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 400 ක්ද ඔහුගේ මිතුරා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2100 ක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 180 ක්ද පොලීසිය සොයා ගෙන ඇත.
ඊට අමතරව සැකකාර වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණි සුබෝපභෝගී මෝටර් රථයද, ඔහුගේ වෛද්‍ය නලාවද පොලිස් භාරයට ගෙන තිබේ.