අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වෙසක් සතිය අදින් ඇරඹේ

වෙසක් සතිය අදින් ඇරඹේ

(නිලන්ති චන්ද්‍රසේන) “දැමුණු සිත සුව ගෙන දේ” යන්න තේමාව කරගනිමින් උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් පැවැත්වෙන ජාතික වෙසක් සතිය අද (26) දින සිට ආරම්භ වෙනු ඇත. ප්‍රතිපත්ති පුජාවන්ට සහ ආමිෂ පුජවන්ට…

(නිලන්ති චන්ද්‍රසේන)

“දැමුණු සිත සුව ගෙන දේ” යන්න තේමාව කරගනිමින් උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් පැවැත්වෙන ජාතික වෙසක් සතිය අද (26) දින සිට ආරම්භ වෙනු ඇත.

ප්‍රතිපත්ති පුජාවන්ට සහ ආමිෂ පුජවන්ට  මුල් තැන දෙමින් ලබන මස 02 දක්වා මෙය ක්‍රියාත්මකයි.

මෙවර රාජ්‍ය වෙසක්  උත්සවය කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී මෙම මස 28 වනදා ජනාධිපති මෛතත්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්   පැවැත්වෙනු ඇත.එහිදී 2562 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට මේ වන විට කටයුතු සුදානම් කර තිබේ.

වෙසක් සතිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක අතර කොළඹ නගරයේ පමණක් පොලිස් නිලධාරීන් 3000ක සංඛ්‍යාවක් සේවායේ යොදා ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වෙසක් සතිය අදින් ඇරඹේ | Lanka Newsweek