වී අයි ලෙනින් ගැන කතා නොකර ජවිපෙ සිය වැඩ පිළිවෙළ ඉදිරිපත් කළ යුතුයි

ජවිපෙ කතාව විතරයි-වැඩ නැහැ කතාව පසෙක තබා ජනතා විමුක්ති පෙරමුණ රට-ජනතාව වෙනුවෙන් වන සිය වැඩ පිළිවෙළ වහාම ඉදිරිපත් කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී…
ජවිපෙ කතාව විතරයි-වැඩ නැහැ
කතාව පසෙක තබා ජනතා විමුක්ති පෙරමුණ රට-ජනතාව වෙනුවෙන් වන සිය වැඩ පිළිවෙළ වහාම ඉදිරිපත් කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
එසේ නොමැතිව වී.අයි ලෙනින් ගැන කතා කිරීමෙන් රටටත් ජනතාවටත් ඇති ඵලක් නැතැයි පෙන්වා දෙන රවී කරුණානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන්නේ කතාව විතරක් යැයි ද, කිසිම ප්‍රායෝගිකත්වයක් නැතැයි ද කියා සිටියි.
"ජනතාව විමුක්ති පෙරමුණේ කතාව විතරයි. නමුත් කිසිම සාර්ථකත්වයක් නැහැ. කතාව පහසුයි. ප්‍රතිපත්තියකට, ඉලක්කයකට සහ අරමුණකට අනුව රට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීම එසේ පහසු නැහැ. වී.අයි ලෙනින් ගැන කතා කතා කළාට රටට-ජනතාවට ඵලක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ රට-ජනතාව වෙනුවෙන් වන සිය වැඩ පිළිවෙළ ඉදිරිපත් කළ යුතුයි." යනුවෙන් ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.