විසි දහසකින් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා රාජ්‍ය සේවකයින් මහා පාරට

රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා ඉදිරි සතියේදී රාජ්‍ය සේවක සේවිකාවන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී…
රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා ඉදිරි සතියේදී රාජ්‍ය සේවක සේවිකාවන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
ඊට අමතරව වෘත්තිය සමිති මර්දනය කිරීම, ත්‍රස්ත විරෝධී පනත හකුලා ගැනීම, මාධ්‍ය නියාමන පනත ඉවත් ඉවත් කිරීම, සහ රාජ්‍ය සේවා කප්පාදුව නතර කිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීමද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ අරමුණ වන බව ද රවී කුමුදේශ් මහතා කියා සිටියි.
මේ සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත් මෙතෙක් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දක්වා නැති බවද රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.