විශේෂ මහ අධිකරණය ගාමිණී සෙනරත්ගෙන් වැඩ අල්ලයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රුපියල් කෝටි 400ක අයථා මුල්‍ය පරිහරණයක්..! (සුජිත් මංගල ද සිල්වා) මහ පරිමාණ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළබඳව නඩු විභාග කිරීම සඳහා පිහිටුවීමට යන පළමු විශේෂ මහ අධිකරණයේ මුලින්ම විභාග කෙරෙන්නේ හිටපු…
රුපියල් කෝටි 400ක අයථා මුල්‍ය පරිහරණයක්..!
(සුජිත් මංගල ද සිල්වා)
මහ පරිමාණ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළබඳව නඩු විභාග කිරීම සඳහා පිහිටුවීමට යන පළමු විශේෂ මහ අධිකරණයේ මුලින්ම විභාග කෙරෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහි දුෂණ චෝදනා නඩුව බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙසේ විභාග කෙරෙන්නේ කොළඹ “හයට්” හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් රජය වෙන් කර තිබූ රුපියල් කෝටි 1800න් රුපියල් කෝටි 400ක් අයථා ලෙස ලබා ගෙන එම මුදල හම්බන්තොට “shangri la” හෝටල් ව්‍යාපෘතියට යොදවමින් මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතාවක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගාමිණී සෙනරත් මහතාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවට අදාළ නඩුවය.
ගාමිණී සෙනරත් මහතා එම පියවර ගෙන තිබෙන්නේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවය වෙනුවෙන් බව සඳහන් වේ.
මහ පරිමාණ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළබඳව නඩු විභාග කිරීම සඳහා පිහිටුවීමට යන විශේෂ මහ අධිකරණ තුනෙන් පළමු අධිකරණය හෙට අනිද්දාම සිටම ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු යොදා තිබේ.
එම විශේෂ මහ අධිකරණවල විභාගයට ගත යුතු මහ පරිමාණ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනාවලට අදාළ නඩුවල ලිපි ගොනු නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයා වෙත මේ වන විටත් යොමු කරනු ලැබ තිබේ.
එම නඩුවලට අදාළ ලිපි ගොනු විමර්ශනය කර ඇති අග විනිසුරුවරයා පළමු විශේෂ මහ අධිකරණයේ පළමු නඩු විභාගය ලෙස ගාමිණී සෙනරත් මහතාට එරෙහි මෙම නඩුව ගැනීමට තීරණය කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
