අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශේෂ මහාධිකරණය විවෘත කෙරේ..!

විශේෂ මහාධිකරණය විවෘත කෙරේ..!

(නිලන්ති චන්ද්‍රසේන) රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණය අද (21) පෙරවරුවේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින්…

(නිලන්ති චන්ද්‍රසේන)

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණය අද (21)   පෙරවරුවේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින්  විවෘත කෙරිණ.

මෙම විශේෂ මහාධිකරණය කොළඹ රථවාහන අධිකරණය පිහිටුවා තිබූ ගොඩනැගිල්ලේ මෙම විශේෂ මහා අධිකරණය පිහිටුවා ඇති අතර මෙහි   ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කරන්නේ  සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහාධිකරණ විනිසුරුවරුන්ය.

මෙය විවෘත කිරීමෙන් අනතුරුව  අධිකරණ සේවා කොමිෂන් සභාවට භාර දීමට නියමිතයි.

විශේෂ ත්‍රිපුද්ගල මහා අධිකරණයේ පළමු නඩුව ලබන 24 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා සඳහා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනෙකුට ලබන 24 වන දා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කොට පසුගිය පළමු වෙනිදා  සිතාසි යවා ඇත.

නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ 2014 පෙබරවාරි පළමු වන දා සිට 2015 ජනවාරි විසි වැනිදා අතර කාලය තුළ රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහණය කිරීමෙන් පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට  ගාමිණි සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න හා කේ . ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට චෝදනා කරමිනුයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විශේෂ මහාධිකරණය විවෘත කෙරේ..! | Lanka Newsweek