අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශේෂ දුම්රිය සහ බස් සේවා

විශේෂ දුම්රිය සහ බස් සේවා

(නිලන්ති චන්ද්‍රසේන) වෙසක් සිරි නැරඹීමට සදහා යන ජනතාව වෙනුවෙන් අද (29) විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයේ යොදවා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ, අනුව අද මරදාන සිට දකුණු කළුතර, දකුණු…

(නිලන්ති චන්ද්‍රසේන)

වෙසක් සිරි නැරඹීමට සදහා යන  ජනතාව වෙනුවෙන් අද (29)  විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයේ යොදවා ඇති බව  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ, අනුව අද මරදාන සිට දකුණු කළුතර, දකුණු කළුතර සිට මරදාන, අනුරාධපුර සිට කොළඹ කොටුව, වේයන්ගොඩ සිට දකුණු කළුතර අතර විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනයේ යොදවා ඇත.

මේ අතර වෙසක් සිරි නැරඹීමට යන මහජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ ප්‍රවාහන සේවයක් ද ක්‍රියාත්මක වෙන බව එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විශේෂ දුම්රිය සහ බස් සේවා | Lanka Newsweek