විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව සජබයට එක් වෙයි

මහා ඖෂධ වංචාව ගැන රටට හෙළි කළේ චමල් සංජීවයි ආණ්ඩුව පළිගත් නිසා ජනතාව වෙනුවෙන් විපක්ෂ නායක සමග අත්වැල් බැඳ ගනී මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින කීර්තිමත් සහ දක්ෂ විශේෂඥ වෛද්‍යවරයකු වන ආචාර්ය චමල් සංජීව…
මහා ඖෂධ වංචාව ගැන රටට හෙළි කළේ චමල් සංජීවයි
ආණ්ඩුව පළිගත් නිසා ජනතාව වෙනුවෙන් විපක්ෂ නායක සමග අත්වැල් බැඳ ගනී
මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින කීර්තිමත් සහ දක්ෂ විශේෂඥ වෛද්‍යවරයකු වන ආචාර්ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගය මගින ක්‍රියාත්මක කෙරෙන දූෂණ විරෝධී මෙහෙයුමට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක් විය.
වසර 18කට වඩා වෛද්‍ය ක්ෂේත්‍රයය සහ පරිපාලන ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍ර ගණනවකම අත්දැකීම් සහ සුදුසුකම් සහිත චමල් සංජීව මහතා මෙසේ සමගි ජන බලවේගය සමග එක් වූයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වන දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට අදාළ නඩු කටයුතු සඳහා සහාය පළ කිරීමේ අරමුණිනි.
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන චමල් සංජීව මහතා සෞඛය, ආර්ථික විද්‍යාව සහ කළමනාකරණය සම්බන්ධයෙන් සිය ආචාර්ය උපාධිය මැලේසියානු විවෘත විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඇත.
දැන්වීම
සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම ඉහළම සුදුසුකම් සහිත මෙම විශේෂඥ වෛද්‍යවරයා මීට දින කිහිපයකට පෙර ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මන ප්‍රකාශයක් සිදු කිරීම නිසා වැඩ තහනමට ලක් විය.
රජයෙන් විවිධ සම්බාධක පැනවුවත් වෛද්‍ය චමල් සංජීව මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විරෝධී වැඩ පිළිවෙළට සහාය දක්වමින් එම වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය දැක්වීමට එක් වීම හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විරෝධී වැඩ පිළිවෙළ තව දුරටත් ශක්තිමත් විය.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතාව සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධී බලවේගයේ උප සභාපතිවරයා වශයෙන් සහ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයට ද පත් කරනු ලැබීය.