විශාල විද්වතුන් පිරිසක් අද සජබය සමග එකතු වෙලා

මේ විද්වතුන්ගේ අදහස් අනාගත සජබ රජයක ප්‍රතිපත්ති වීම අවශ්‍යයි විශාල විද්වතුන් ප්‍රමාණයක් සමගි ජන බලවේගය සමග අද එකට එක්ව සිටින්නේ යැයි වයඹ විශ්ව විද්‍යාලයේ, ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ, ව්‍යාපාර අධ්‍යන…
මේ විද්වතුන්ගේ අදහස් අනාගත සජබ රජයක ප්‍රතිපත්ති වීම අවශ්‍යයි

විශාල විද්වතුන් ප්‍රමාණයක් සමගි ජන බලවේගය සමග අද එකට එක්ව සිටින්නේ යැයි වයඹ විශ්ව විද්‍යාලයේ, ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ, ව්‍යාපාර අධ්‍යන සහ මුල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා අවධාරණය කර සිටියි.
සමගි ජන බලවේගය සමග එක්ව සිටින මේ විද්වතුන්ගේ අදහස් සහ යෝජනා අනාගත රජයක ප්‍රතිපත්ති බවට පත් වීම අත්‍යවශ්‍ය යැයි ද වයඹ විශ්ව විද්‍යාලයේ, ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ, ව්‍යාපාර අධ්‍යන සහ මුල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.
දැන්වීම
රටට-ජනතාවට වැදගත් වන්නේ සජබයේ ආර්ථික දැක්මයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ, රටට-ජනතාවට අතිශය වැදගත් වන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ සමගි ජන බලවේගයේ ආර්ථික දැක්ම බවය.
සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය කියන සංකල්පය ලෝකයේ අලුත් ප්‍රවණතා සමග ගැළපීමෙන් මේ රටේ ආර්ථික අර්බුදය විසඳා ජනතාව සවි බල ගැන්විය හැකි බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා සජබයේ ප්‍රතිපත්ති ඉතා වැදගත්

පළමුව දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඔස්සේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහාත් මාවත සකසා ගත හැකි පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතීඥ නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙළ ඉතාම වැදගත් වන බව ද අවධාරණය කර සිටියි.
රටත් දුප්පත් මිනිහත් ගොඩ ගත හැක්කේ සජිත්ට විතරයි

මේ අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලියු එම් කරුණාදාස මහතා පෙන්වා දෙන්නේ රටත් දුප්පත් මිනිහත් ගොඩ ගත හැකි එකම ජාතික නායකයා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බවය.
යහපත් රාජ්‍ය පාලනයකින් රට ඉදිරියට ගෙන යා හැක්කේ සජබයට විතරයි

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩිහාන් සෙනෙවිරත්න මහතා අවධාරණය කර සිටින්නේ, යහපත් රාජ්‍ය පාලනයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යමින් දියුණු කර ජනතාවට සාධාරණය ඉටු කළ හැක්කේ සමගි ජන බලවේගයේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්තිවලට පමණක් බවය.
වැඩ කරන නායකයෙක්කුට වෘත්තීයවේදීන් සහය දෙන්නේ කෙසේද කියා ඔප්පු වුණා

ශ්‍රී ලංකා සංස්ථා ගත ඉංජිනේරු ආයතනයේ ඉංජිනේරු සෙනරත් රැකෝගම මහතා කියා සිටින්නේ, සමගි බුද්ධි මණ්ඩපයේ වෘත්තීයවේදීන්ගේ කාර්ය භාරය සහ වැඩ කරන නායකයෙකුට වෘත්තීයවේදීන් සහය දෙන්නේ කෙසේද කියා මේ වන විට ප්‍රත්‍යක්ෂ වී තිබෙන බවය.