අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශ්‍රාම වැටුප අහිමි වන නිසා එජාප මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරවීමට විරුද්ධ වෙයි

විශ්‍රාම වැටුප අහිමි වන නිසා එජාප මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරවීමට විරුද්ධ වෙයි

නියමිත කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් තමන්ට හිමි වීමට නියමිත මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වීම නිසා වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව…

නියමිත කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් තමන්ට හිමි වීමට නියමිත මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වීම නිසා වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන විශ්‍රාම වැටුප ලබා දෙන කාල සීමාව වසර 04 ක් වන පරිදි නීති සම්පාදනය කරන ලෙස ඔවුන් අදාළ පාර්ශව වලින් ඉල්ලා තිබේ.

එසේම තම ඉල්ලීම පිළිබඳව අවධානය යොමු නොකළහොත් නව රජයක් පිහිටුවීම සඳහා සිය සහය ලබා නොදෙන බවද එක්සත් ජාතික පක්‍ෂයේ නවක මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විශ්‍රාම වැටුප අහිමි වන නිසා එජාප මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරවීමට විරුද්ධ වෙයි | Lanka Newsweek