විශ්වාස භංගය පරාදයි-වැඩි ඡන්ද 27කින්ආණ්ඩුව ජය ගනී..!

ආණ්ඩු පක්ෂය වැඩි ඡන්ද 27ලබාගනිමින් අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට සමත් විය. පවතින ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම…
ආණ්ඩු පක්ෂය වැඩි ඡන්ද 27ලබාගනිමින් අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට සමත් විය.
පවතින ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා,අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්වය පළ කිරීමේ විවාදය ඊයේ (10) සහ අද (11) දිනයේ දී පැවැත්විණි.
දැන්වීම
ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා ඩි තිබු අතර එක්සත් ජාතික පක්ෂ, මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කොට තිබිණි.
ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 119ක් හා විපක්ෂව ඡන්ද 92ක් ලැබී, වැඩි ඡන්ද 27කින් ආණ්ඩු පක්ෂ විශ්වාස භංගය පරාජය කරමින් ජය ගත්තේය.