"විශ්වාස භංගය පරදවන්න ජනපති සහය දෙන කතා බොරු"

(සුමුදු පෙරේරා) විශ්වාස භංගය යෝජනාව පරාජය කිරීම සඳහා කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී හමුවී ඊයේ (30) ප්‍රකාශ කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව…
(සුමුදු පෙරේරා)
විශ්වාස භංගය යෝජනාව පරාජය කිරීම සඳහා කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී හමුවී ඊයේ (30) ප්‍රකාශ කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (30) පැවති මාධ්‍ය හමුවකදීය.
දැන්වීම
යම් හෙයකින් විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අප්‍රේල් මස හතර වැනිදා පරාජයට පත් වුවහොත් සම්මුතිවාදී ආණ්ඩුවක් ඉදිරියට නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අවස්ථාවට එක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එරෙහි විශ්වාස භංගය ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බවය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණය අප්‍රේල් මස දෙවැනිදා ගන්නා බව ද ඔහු කියා සිටියේය.