අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශ්වාස භංගය පරදවන්න ජනපති-අගමැති එක්වෙති..!

අගමැතිගේ කැබිනට්ටුව ජනපති ප්‍රතික්ෂේප කරන ලකුණු..?

හොර රහසේ හමු වෙයි-සියලු ප්‍රශ්න විසඳා ගනී..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිසිවකුටත් නොකියා ඊයේ (29) රාත්‍රී කොළඹදී හමුවී පැය තුනක්…

හොර රහසේ හමු වෙයි-සියලු ප්‍රශ්න විසඳා ගනී..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිසිවකුටත් නොකියා ඊයේ (29) රාත්‍රී කොළඹදී හමුවී පැය තුනක් මුළුල්ලේ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරමින් සියලු ප්‍රශ්න විසදා ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවලය, ග්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්ව පරාජය කරමින් ඒකාබද්ධ විපක්ෂයට අමතක නොවන දේශපාලන පාඩමක් ඉගැන්වීමට ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තීන්දු කර ඇත.

එමෙන්ම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයෙන් ග්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එල්ල කරන දේශපාලන අවලාද  වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තීන්දු කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවෘතව කථා කරමින් සියලු  ප්‍රශ්න විසදා ගෙන යළිත් එකට එක්වූ මෙම තීරණාත්මක සාකච්ඡාව පැවතියේ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිවසේදීය.

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීම මත ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙසේ තීරණාත්මක සහ අවසන් සාකච්ඡාවක්ට එක් වූයේ රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය  සහ අස්ථාවරභාවය ඇතුළු අතිශය වැදගත් කරුණු මතය.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ ආකාරයට දිගටම එකිනෙකාට එරෙහිව කැත්තට පොල්ල වාගේ ක්‍රියා කළහොත් සිදු වන්නේ දෙදෙනාම පමණක් නොව එක්සත් ජාතික පක්ෂය සහ ග්‍රී ලංකා නිදහස් පක්ෂයද විනාශ වී පාක්ෂිකයින් අනාථ වී මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය ඔළුව එසවීම බව රාජිත සේනාරත්න මහතා එහිදී පෙන්වා දී තිබේ.

එසේ වුණෝ ප්‍රධාන පක්ෂ දෙකේ පාක්ෂිකයින් මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන  නාමයන්ට සදාකාලිකවම දේශපාලන වශයෙන් ශාප කරනු ඇතැයි ද රාජිත සේනාරත්න මහතා එහිදී  තදින් කියා ඇති බවද වාර්තා වෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විශ්වාස භංගය පරදවන්න ජනපති-අගමැති එක්වෙති..! | Lanka Newsweek