අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශ්වාස භංගය පරදවන්න එජාප මන්ත්‍රී කණ්ඩායම සීරුවෙන්..!

විශ්වාස භංගය පරදවන්න එජාප මන්ත්‍රී කණ්ඩායම සීරුවෙන්..!

(සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශවාස භංග යෝජනාවට එක්ව මුහුණ දී පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (19) ඒකමතිකව තීන්දු…

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශවාස භංග යෝජනාවට එක්ව මුහුණ දී පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (19) ඒකමතිකව තීන්දු කළේය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මේ තීන්දුව ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (19) සවස රැස්වූ අවස්ථාවේදීය.

දැන්වීම

මේ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අනිවාර්යෙන්ම පරාජය කරන බව එහිදී තරයේ කියා සිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රජිත් සේනාරත්න යන මහත්වරු 2020 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විය යුතු යැයි ද අවධාරණය කළහ.

මෙහිදී රුවන් විජයවධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුවේ වාර්තාව ද අගමැති රනිල් වික්රමසිංහ මහතාට භාර දුන් අතර එම ප්‍රතිසංස්කරණ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන්න යැයි එම කමිටුව ඉල්ලා සිටියේය.

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂයේ මහා ජන නියෝජිතයින්ට වැඩි පුර  වගකීම් සහ කාර්ය භාරයන් පැවරිය යුතු බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විශ්වාස භංගය පරදවන්න එජාප මන්ත්‍රී කණ්ඩායම සීරුවෙන්..! | Lanka Newsweek