විශ්වාස භංගය ගැන එජාපෙ පක්ෂ නායක මතය හෙට..!

විශ්වාසය පළ වෙයි ද ,භංග වෙයි ද ..? (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක් අරලිය ගහ…
විශ්වාසය පළ වෙයි ද ,භංග වෙයි ද ..?
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී හෙට (29) සවස 4.00 ට පැවැත්වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව ද, ඒ සමග උද්ගත වී ඇති දේශපාලන වාතාවරණය සහ මේ අවස්ථාවේදී අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ද පිළිබඳ එම පක්ෂවල ස්ථාවරය එහිදී නිල වශයෙන් දැනුම් දෙනු ඇත.
දැන්වීම
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ සාකච්ඡාවට එක්වීමට නියමිතව සිටින්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රාවුෆ් හකීම්,ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්,ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා,ජාතික කම්කරු පෙරමුණේ නායක පී දිගම්බරම්,ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරයේ නායක චතුර සේනාරත්න සහ සවාධීන මන්ත්‍රී අතුරලියේ රතන හිමි යන අය වෙති.
විශ්වාස භංග යෝජනාව සහ ඒ සමග උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය ද එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළ යුතු ආකාරය ද පිළිබඳව මේ දේශපාලන පක්ෂ නායකයින් කොළඹදී ඊයේ (27) රැස්වී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තීරණයක් ගෙන ඇත.