විශ්වාස භංගයට විරුද්ධව ශ්‍රීලනිපයේ 15ක් ජනපතිට කොකා පෙන්වයි..?

විශ්වාස භංගයෙන් ශ්‍රීලනිපය යළිත් දෙකඩ වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් තව දුරටත් කරුණු සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
විශ්වාස භංගයෙන් ශ්‍රීලනිපය යළිත් දෙකඩ වෙයි..!
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් තව දුරටත් කරුණු සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) රාත්‍රියේ යළිත් පැවති සාකච්ඡාව ද අවසන් තීන්දුවකින් තොරව අවසන් වී තිබේ.
ඊට හේතු වී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවති මේ සාකච්ඡාවේදී මේ විශ්වාස භංග යෝජනාවට ඡන්දය දිය යුත්තේ පක්ෂව ද විපක්ෂව ද යන කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත දෙකක් මතු වී පක්ෂය දෙකඩ වන තත්ත්වයකට පත්වීම මතය.
දැන්වීම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ගණනාවක් එහිදී පෙන්වා දී ඇත්තේ දේශපාලන සදාචාරයට අනුවත්, ඇමතිවරුන් බැදී සිටින ව්‍යවස්ථානුකුල සම්ප්‍රදායන්,වගකීම සහ කැබිනට් සාමුහිකත්වය ඇතුළු බොහෝ කරණා ද විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන උපාය උපක්‍රම මත ද මේ විශ්වාස භංග යෝජනාවට කිසිසේත් ඡන්දය දිය නොහැකි බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් පහළොවක් පමණ මේ ස්ථාවරය දරද්දී තවත් තවත් පිරිසක් ඊට එරෙහිව ද වාද විවාද කිරීම හේතුවෙන් අවසන් තීන්දුක් ගැනීමකින් තොරව රැස්වීම අවසන් කිරීමට ජනාධිපතිවරයාට සිදු වී තිබේ.
එකසත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ දී අද (04) උදැසන රැස්වී මේ සම්බව්ධයෙන් අවසන් තීරණයක් ගන්නා ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත.