විශ්වයේ දුරස්ථ ස්ථාන දෙකක් සම්බන්ධ කරන අයින්ස්ටයින් - රෝසන් සේතු

(සාගර දියගම) 1935 ජූලි මාසයේදී ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේදී ඇල්බට් අයින්ස්ටයින් සහ නේතන් රෝසන් කියන භෞතික විද්‍යාඥයෝ දෙන්නෙක් පුදුම අදහසක් ඉදිරිපත් කළා. ඒ තමයි අභ්‍යවකාශය හරහා යා හැකි කෙටි මාර්ග…
(සාගර දියගම)
1935 ජූලි මාසයේදී ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේදී ඇල්බට් අයින්ස්ටයින් සහ නේතන් රෝසන් කියන භෞතික විද්‍යාඥයෝ දෙන්නෙක් පුදුම අදහසක් ඉදිරිපත් කළා. ඒ තමයි අභ්‍යවකාශය හරහා යා හැකි කෙටි මාර්ග තිබිය හැකි බව. මේවාට කිව්වේ 'අයින්ස්ටයින්-රෝසන් සේතු' කියලා. අද අපි මේවා වර්ම්හෝල්ස් (Wormholes) කියලා හඳුන්වනවා. මේවා විශ්වයේ දුරස්ථ ස්ථාන දෙකක් සම්බන්ධ කරන මාර්ග. මේ හරහා ගියොත් අපිට විශ්වයේ ඈතම තරු පවා පහසුවෙන් බලන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතුවා. අපේ පෘථිවියේ ඉඳන් ළඟම තියෙන තරු පද්ධතියට තියෙන දුර ආලෝක වර්ෂ 4.2 ක් ඒ කියන්නේ, ආලෝකයේ වේගයෙන් ගියත්, අවුරුදු 4.2 ක් යනවා එතනට ළඟා වෙන්න. මේ තරම් දුරක් යන්න පුළුවන් වෙන්නේ, වර්ම්හෝල් වගේ දෙයක් හරහා විතරයි.
වර්ම්හෝල් හරහා ගමන් කිරීම කියන්නේ ඇත්තටම තවමත් හීනයක් වගේ දෙයක්. මොකද මේ තාක්ෂණය ඇත්තටම කරන්න ගොඩක් අමාරුයි. විද්‍යාඥයන් කියන්නේ, වර්ම්හෝල් එකක් හදන්න අද අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා කියලයි. ඒත් 'Exotic Matter' තියෙනවා නම්, මේ වර්ම්හෝල් සිහිනය යථාර්ථයක් කරගන්න පුළුවන් වෙයි කියලා අදහසක් තියෙනවා. ඒ කියන්නේ සෘණ ස්කන්ධයක් (Negative Mass) තියෙන ද්‍රව්‍යයක් අවශ්‍යයි.
සරලවම කිව්වොත්, Exotic Matter කියන්නේ අපි දන්න සාමාන්‍ය පදාර්ථ වලට වඩා අමුතු, අසාමාන්‍ය ගුණාංග තියෙන පදාර්ථ වර්ගයක්. මේවායේ ප්‍රධානම ලක්ෂණය තමයි සෘණ ස්කන්ධයක් (Negative Mass) තිබිම. අපි දන්න හැම පදාර්ථයකටම ධන ස්කන්ධයක් (Positive Mass) තියෙන්නේ ඒ කියන්නේ, බස් එකක්, ගලක්, මේසයක් වගේ ඕනෑම දෙයකට ස්කන්ධයක් තියෙනවා. මේ ධන ස්කන්ධය නිසා තමයි ගුරුත්වාකර්ෂණය කියන බලය ඇති වෙන්නේ. ගුරුත්වාකර්ෂණය නිසා වස්තූන් එකිනෙක ආකර්ෂණය වෙනවා. හැබැයි Exotic Matter වලට සෘණ ස්කන්ධයක් තියෙනවා නම්, ඒක සාමාන්‍ය ගුරුත්වාකර්ෂණ නීති වලට පටහැනිව හැසිරෙයි.
දැන්වීම
උදාහරණයක් විදිහට, සාමාන්‍ය පදාර්ථයක් තල්ලු කළාම ඒක තල්ලු කළ දිශාවටම යනවා. ඒත් සෘණ ස්කන්ධයක් තියෙන පදාර්ථයක් තල්ලු කළාම, ඒක තල්ලු කළ දිශාවට විරුද්ධ දිශාවට යන්න පුළුවන්! ඒ වගේම, ධන ස්කන්ධයක් තියෙන වස්තුවක් වායුගෝලයේ පහළට එනවා එහෙත් සෘණ ස්කන්ධයක් තියෙන වස්තුවක් ඉහළට යනවා..
"Exotic Matter" කියන සංකල්පය එක් පුද්ගලයෙක් විසින් හොයා ගත්තා කියලා කියන්න බැහැ, එය භෞතික විද්‍යාවේ විවිධ ක්ෂේත්‍ර වලින් ආපු අදහස්වල එකතුවක්. කෙසේ වෙතත්, මේ හා සම්බන්ධ වැදගත් න්‍යායික දායකත්වයන් කීපයක් තියෙනවා. 2016 දී ඩේවිඩ් තූලස්, එෆ්. ඩන්කන් හැල්ඩේන් සහ ජේ. මයිකල් කොස්ටර්ලිට්ස් යන භෞතික විද්‍යාඥයන්ට භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනැමුනේ, ඔවුන්ගේ පර්යේෂණ වලින් පෙන්නුම් කළ අතිශය අඩු උෂ්ණත්ව වලදී හා විවිධ ශක්ති මට්ටම් වලදී, පදාර්ථය අසාමාන්‍ය ආකාරයෙන් හැසිරිය හැකි බවට කළ අනාවරණයටයි.
Exotic Matter සොයාගත හොත් පුදුම සහගත දේවල් කරන්න පුළුවන් වෙයි. "Faster-than-light (FTL)" නැත්නම් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන්කරන යානා සඳහා Exotic Matter අවශ්‍යයි, යානයට ඉදිරියෙන් අභ්‍යවකාශය හැකිලීමෙන් සහ පිටුපසින් ප්‍රසාරණය කිරීමෙන්, ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කිරීමට ඉඩ සලසනවා. ඒවගේම Exotic Matter ගුරුත්වාකර්ෂණය ප්‍රතික්ෂේප කරන නිසා, මේකෙන් "ප්‍රති-ගුරුත්වාකර්ෂණ" තාක්ෂණයන් දියුණු කරන්න පුළුවන්. නිකොලා ටෙස්ලා කතා කළ, පියාඹන යන්ත්‍ර වගේ දේවල් මේවායින් හැදෙන්න පුළුවන්. අතීතයේ තිබුණා කියන 'විමාන' වලට මේවා යොදාගත්තා දැයි අප දන්නේ නෑ..
ඒ වගේම සමහර න්‍යායන් යෝජනා කරන්නේ විශ්වයේ ත්වරණය වන ප්‍රසාරණයට හේතුව "අඳුරු ශක්තිය (Dark Energy)" වැනි Exotic Matter ආකාරයක් විය හැකි බවයි. ඒ නිසා මේවා විශ්වයේ අභිරහස් පැහැදිලි කිරීමට උදව් වෙන්න පුළුවන්. අවසාන වශයෙන්, Exotic Matter තාමත් භෞතික විද්‍යාවේ ඉතාමත් න්‍යායාත්මක සහ උපකල්පිත දෙයක්. ඒ කියන්නේ, මේ වගේ ද්‍රව්‍යයක් පුරෝකතනය කළාට තවමත් සොයාගෙන නැහැ.
සමහරු විශ්වාස කරන්නේ මේ අභ්‍යවකාශයේ කෙටි මාර්ග නැත්නම් වර්ම්හෝල් දැනටමත් විශ්වයේ තියෙනවා කියලා. ඒ ගැන 1991දී වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් අලුත් අදහසක් ඉදිරිපත් කළා. ඒ තමයි මහා පිපිරීම (Big Bang) නිසා විශ්වය ඇති වුණා වගේම, බිලියන ගණන් අවුරුදු ගාණකට කලින් වර්ම්හෝල් ගොඩක් හැදෙන්න ඇති කියන එක.
මහා පිපිරීම වෙද්දී අභ්‍යවකාශයම එකට එකතු වෙලා, ප්‍රසාරණය වෙලා, හැකිලෙන්න ඇති. සමහරවිට හිමාල කඳු තරම් විශාල දෙයක් තියෙනවා නම්, ඒ වටේට තියෙන අභ්‍යවකාශය කොච්චර නම් ආතතියට පත් වෙන්න ඇත්ද? ඉතින් ඒ වගේ, අභ්‍යවකාශයක කුඩා වර්ම්හෝල් හැදෙන්න ඇති! ඒ පර්යේෂකයන්ට අනුව, මේවා පරමාණුවක තරම් කුඩා ඒවා වෙන්න ඇති. මේවා හොයාගත්තා නම්, අපිට මේවා දීර්ඝ කරලා ගමන් කළ හැකි වර්ම්හෝල් බවට පත් කරන්න පුළුවන් වෙයි. අපිට තව දෙයක් විශ්වාසයි, ඒ තමයි මහා පිපිරීමෙන් පස්සේ විශ්වය දිගින් දිගටම ප්‍රසාරණය වෙනවා කියන එක. ඒ කියන්නේ අභ්‍යවකාශයම ඇදී යනවා. ඉතින් විශ්වය පොඩි කාලේ හැදුණු පොඩි වර්ම්හෝල් එකක්, විශ්වයත් එක්කම ඇදිලා ගොඩක් විශාල වර්ම්හෝල් එකක් බවට පත් වෙන්න ඇති. වර්ම්හෝල් විශ්වයේ මුල් අවධියේදී ඇති වුණා නම්, අතීතයේදී පිටසක්වළ ජීවීන් මේවා පාවිච්චි කරලා පෘථිවියට ඇවිත් තියෙන්න පුළුවන්ද?
සමහර න්‍යායවාදීන් කියන්නේ ඒක ගොඩක් දුරට වෙන්න පුළුවන් දෙයක් කියලා. වර්ම්හෝල් නැත්නම් ස්ටාර්ගේට් (Stargates) කියන දේවල් විවෘත වෙලා, ඒ හරහා ජීවීන් ඇවිත්, ඔය පුරාණ පුරාණ දෙවිවරුන් කියන අය එක්ක මිනිස්සුන්ට තිබුණු සම්බන්ධය පැහැදිලි කරන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා...
එංගලන්තයේ සෆොල්ක් ප්‍රාන්තයේ, රෙන්ඩ්ල්ෂාම් කියන ගමේ තියෙන ඈත වනාන්තරයක්, වාර්තා වුණු අසාමාන්‍යම UFO සිද්ධියත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධයි. මේ සිදුවීම වුණේ 1980 දෙසැම්බර් 26 වෙනිදා. ගුවන් හමුදා සෙබළ ජෝන් බරෝස් සාමාන්‍ය ආරක්ෂක පරීක්ෂාවක් කරද්දී, අනපේක්ෂිත විදිහට බිමට වැටුණු යානයක් ගැන හොයන්න නියෝග ලැබුණා.
"මට රේඩියෝ එකෙන් කතා කරලා කිව්වා නැගෙනහිර ගේට්ටුව බලන්න යන්න කියලා. අපි ඒ ගේට්ටුවට යන පාර දිගේ යද්දී, එකපාරටම වනාන්තරයේ අමුතු ලයිට් ටිකක් දැක්කා. මම ඒ ගැන දැනුම් දුන්නා. ඊළඟට විවිධ පාට ලයිට් ගොඩක් දැක්කා, වාතය වෙනස් වුණා වගේ දැනුණා. ඒක කොහොමද කියන්නේ කියලා මම දන්නේ නැහැ, හැබැයි අපේ සමටයි කොණ්ඩෙටයි විදුලියක් වගේ දැනුණා, අපි ඒ යානයට ළං වෙන්න ළං වෙන්න ඒක වැඩි වුණා. විදුලිය පිරිච්ච වාතාවරණයක් වගේ තිබුණා, ඒ වගේම සමහර වෙලාවට හැමදේම හෙමින් යනවා වගේ දැනුණා." පෙනිස්ටන් යානය ස්පර්ශ කළාට පස්සේ, ඔහුගේ මනසට අමුතු තොරතුරු ප්‍රමාණයක් ඇතුළු වුණා වගේ දැනුණා කියලා ඔහු කිව්වා.
ඊළඟ දවසේ ඔහුට බිංදු සහ එක එක දිගට ලියන්නට සිත් වුණා. මේවා අපි අද හඳුන්වන්නේ බයිනරි කෝඩ් (Binary Code) කියලා. අවුරුදු ගණනාවකට පස්සේ, පරිගණක ක්‍රමලේඛකයෙක් මේ තොරතුරු අරගෙන පරිවර්තන වැඩසටහනක් හරහා යැව්වාම, පණිවිඩයක් මතුවුණා. ඒ පණිවිඩය මෙහෙමයි,
"මානව වර්ගයාගේ ගවේෂණය ග්‍රහලෝක දියුණුව සඳහා අඛණ්ඩව සිදුවේ. ආරම්භක වර්ෂය 8100."
"ආරම්භක වර්ෂය 8100" කියලා දැක්කාම, කෙනෙකුට හිතන්න පුළුවන් මේවා පිටසක්වළ ජීවීන්ගේ වැඩක් නෙවෙයි, අනාගතයෙන් ආපු කාලතරණකයින්ගේ වැඩක් වෙන්නත් පුළුවන් කියලා. මේ සිද්ධියෙන් පස්සේ ඇමරිකානු හමුදාව කෙටි පරීක්ෂණයක් කළා. හැබැයි ඔවුන් උත්සාහ කළා සාක්ෂිකරුවන් මාධ්‍ය වලින් ඈත් කරලා තියන්න. ඒත් ගුවන් හමුදා සෙබළ බරෝස්ටයි, නිලධාරි පෙනිස්ටන්ටයි මේ සිදුවීම අමතක කරන්න ලේසි වුණේ නැහැ. දෙන්නටම සිද්ධියෙන් පස්සේ දිගු කාලීන ශාරීරික බලපෑම් ඇති වුණා, ඒ වගේම අමුතු සිහිනත් දැක්කා කියලා ඔවුන් වාර්තා කළා.
"සිද්ධියෙන් පස්සේ මට උගුරේ සහ ඇස්වල ප්‍රශ්න ඇති වුණා. එක වෙලාවක මගේ විදුරුමස් සුදු වුණා. මට පෙනීමේ දුර්වලතාත් තිබුණා. මම දොස්තර ළඟට ගියාම, ඔහු මුලින්ම ඇහුවා මට කවදාවත් විකිරණ වලට නිරාවරණය වෙලා තියෙනවාද කියලා. මම 1993දී සේවයෙන් ඉවත් වුණා. ඊට පස්සේ මාස 03 කට විතර පස්සේ මට මේ සිහින, නපුරු සිහින පේන්න ගත්තා. සිහිනෙන් මට පෙනුණේ මේ අය කාලතරණිකයින්, අවුරුදු 40-50,000 ක් අනාගතයෙන් ආපු අය. මට පෙනුණා ඔවුන් ආපහු ආවේ දේවල් නිවැරදි කරන්න, දේවල් හදන්න කියලා. මොකක් හරි භයානක දෙයක් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න ඕනේ දෙයක්, ඒකට කාලතරණය අවශ්‍යයි. අතීතයට යන්න අවශ්‍යයි. මට හැමවෙලාවෙම හිතුණේ මේ අය අනාගතයේදී අපේම අය කියලා." ජේම්ස් පෙනිස්ටන් සහ ජෝන් බරෝස් විසින් වාර්තා කළ යානය ඈත තාරකාවකින් නොව, ඈත කාලයකින් පැමිණි එකක්ද?
මේ එබඳු තවත් කතාවක් චිලියේ පාපා යූසාමා ප්‍රදේශයේදී, 1977 අප්‍රේල් 25 වෙනිදා අලුයම 4:15 ට, කෝප්‍රල් අර්මන්ඩෝ වැල්ඩෙස් හමුදා ඒකකයක් සමඟ උතුරු කාන්තාරයේ මුර සංචාරයේ යෙදී සිටියා. එකපාරටම ඔවුන්ගේ මුරකාරයා කඳවුරට කඩා වැදුණා, ඔහු දැකලා තිබුණේ දීප්තිමත් දම් පාට ආලෝක දෙකක් අහසින් බැහැලා, යාර 500 ක් දුරින් ගොඩබසිනවා. කෝප්‍රල් වැල්ඩෙස් මේ මුර සංචාරයේ නායකයා. ඔහු මේ වස්තූන්ට ළං වුණා. ඊළඟට සිදුවුණු දේ ව්‍යාකූලත්වයෙන් සහ අභිරහසකින් වැසී ගිහින්...
ඒත් ඔහුගේ මිනිස්සු දැක්කා ඔහු ඒ ආලෝකයේ අතුරුදහන් වෙනවා වගේ. ඔහුට මතක ඔහුට සිහිය නැති වුණා වගේ. ඊළඟට ඔහු දැනගත්තේ ඔහු ආපහු මතුවුණා කියලා. හැබැයි අමුතුම දේ තමයි, ඔහුට දවස් 5ක රැවුල වැවිලා තිබුණා, ඒ වගේම ඔහුගේ ඔරලෝසුවේ දින 5 ක් ඉදිරියට ගිහින් තිබුණා. ඔහු දවස් 5 ක් අතුරුදහන් වෙලා හිටියත්, මුර සංචාරයේ සිටි අනිත් අයට ඒක විනාඩි කීපයක් විතරක් කියල දැනුණේ...
"අපිට වැල්ඩෙස්ගේ කණ්ඩායමේ සාමාජිකයින් හතර දෙනෙක් එක්ක සම්මුඛ සාකච්ඡා කරන්න පුළුවන් වුණා. අපි අර්මන්ඩෝ වැල්ඩෙස් එක්ක සම්මුඛ සාකච්ඡා කළා, හැමෝම කිව්වා මේ අත්දැකීම ඇත්තටම වුණා කියලා. සිද්ධියෙන් පස්සේ වහාම, කෝප්‍රල් වැල්ඩෙස් බිඳවැටීමට ආසන්නව සිටි අතර, භයානක වාක්‍ය ඛණ්ඩයක් පැවසුවා, ඔබ දන්නේ නැහැ අපි කවුද කියලා හෝ අපි කොහෙන්ද ආවේ කියලා, හැබැයි අපි ඉක්මනින්ම ආපහු එනවා...' මේ අද්භූත සිදුවීමෙන් පස්සේ වාර්තා වෙන සිදුවීම් ප්‍රමාණය වැඩිවීමත් එක්ක, බොහෝ දෙනා විශ්වාස කරනවා ඔවුන් කියපු දේ ඇත්ත කියලා."
චිලියේ UFO දර්ශන ගොඩක් වාර්තා වෙනවා. එහේ නිකම් UFO ක්‍රියාකාරකම් වලට හොට්ස්පොට් එකක් වගේ. පසුගිය අවුරුදු 8 ඇතුළතත්, චිලී රජය පවා පිළිගත් සැලකිය යුතු UFO දර්ශන කීපයක් වාර්තා වෙලා තියෙනවා. චිලියේ අසාමාන්‍ය පරාසයක සිද්ධීන් තියෙනවා, සමීප හමුවීම් වලින් පටන් අරගෙන, ගුවන් නියමුවන් UFO යානා එක්ක හමුවීම් දක්වා. මම හිතන්නේ චිලී අදටත් UFO ක්‍රියාකාරකම් වලට හොට්ස්පොට් එකක් වෙන්න හේතුව තමයි,
චිලී කියන්නේ පෘථිවියේ තියෙන විශාලතම ජනාවාස නැති භූගෝලීය ස්ථාන වලින් එකක් වීම. උතුරු ප්‍රදේශය පාළු කාන්තාරයක්, ජනගහනයක් නැති තරම්. චිලියේ දකුණු කොටස ෆ්ජෝර්ඩ් සහ ග්ලැසියර. එතනත් ජනගහනයක් නැහැ. හැංගෙන්න පුළුවන් හැමතැනක්ම එහේ තියෙනවා, සිතියමේ කිසිම කෙනෙක් නොයන හිස් තැන්. හැංගෙන්න කදිම තැන්. භූගත කඳවුරකට කදිම තැන්. ඒ භූමියට ඇතුළු වෙන ඕනෑම දෙයකට ලෙසියෙන් හැංගෙන්න පුළුවන්. සියවස් ගණන් ඔහේ ඉන්න පුළුවන්, කිසිම කෙනෙක්ට හොයාගන්න බැරිවෙයි. පිටසක්වළ ජීවීන් චිලියේ ජනාවාස නැති ප්‍රදේශවල, නැත්නම් ඒවා යට හැංගිලා ඉන්නවාද? එහෙමනම්, ඔවුන්ගේ අරමුණ මානව වර්ගයා නිරීක්ෂණය කරන එක විතරක්ද, නැත්නම් මේ ලෝකයේ, මේ කොටසට ඔවුන්ව ආකර්ෂණය කරන වෙනත් දෙයක් තියෙනවාද?
ඇරිසෝනා ප්‍රාන්තයේ, කිංග්මන් නගරයේදී, 1953 මැයි මාසයේදී, සීතල යුද්ධයේ උච්චතම අවස්ථාවේදී, හඳුනා නොගත් වස්තුවක් කාන්තාරයට කඩා වැටුණා කියලා වාර්තා වුණා. ඉතිරි වුණ දේවල් ඇමරිකාවේ රහසිගතම ප්‍රදේශය වන ඒරියා 51 වලට යැව්වා කියලා කියනවා. හැබැයි 1998 වෙනකම්, ඒ කියන්නේ අවුරුදු 45කට පස්සේ, විශ්‍රාමික හමුදා ඉංජිනේරුවෙක් වන බිල් යූස් (Bill Uouse) කියන කෙනා පුදුම ප්‍රකාශයක් කළා. හමුදාව ළඟ පිටසක්වළ තාක්ෂණය විතරක් නෙවෙයි, ඇත්තටම ජීවමාන පිටසක්වළ ජීවියෙක් හිටියා කියලා. යූස් කියා සිටියේ ඔහු නෙවාඩා'හි ඒරියා 51 හි පාපූස් කඳුකරයේ රහසිගත විද්‍යාගාරයක වැඩ කළ බව. 1953 සිට ඇමරිකානු රජය ඔවුන් සමඟ වැඩ කරන කෘමි ස්වරූපයක් ඇති පිටසක්වළ ජීවියෙක් තබාගෙන සිටියා කියලා. ජීවියාගේ නම ජේ-රොඩ්.
අද්භූත ජේ-රොඩ් හමුදාවට උදව් කළා කියනවා, ඒ කිංග්මන් යානය සඳහා ඒකාබද්ධ කර නිර්මාණය කරන ලද ඇදහිය නොහැකි බල පද්ධති සහ අනාගත තාක්ෂණය තේරුම් ගැනීමට සහ පිටපත් කිරීමට! බිල් යූස් මේ කතාව කිව්වාට ටික කලකට පස්සේ, ක්ෂුද්‍රජීව විද්‍යාඥ ඩෑන් බරිෂ් (Dan Burish) ඔහුගේ ප්‍රකාශය තහවුරු කරන්න ඉදිරිපත් වුණා. හැබැයි ඩෑන් බරිෂ්ට අනුව, ජේ-රොඩ් තමන් පිටසක්වළ ජීවියෙක් නෙවෙයි කියලා කිව්වා...
ඔහු හෙළි කළේ ඊටත් වඩා අප කම්පනයට පත් කරන දෙයක්. මේ කෘමි ස්වරූපයක් ඇති ජේ-රොඩ් කිව්වා ඔහු ඇත්තටම ආවේ අපේ අනාගතයෙන් කියලා. ඒ වගේම අපිට නුදුරු අනාගතයේදී මේ ග්‍රහලෝකයේ මහා විනාශයක් වෙනවා කියලා. ඒකෙන් මානව වර්ගයාගෙන් වැඩි කොටසක් විනාශ වෙනවා. ඒ වගේම මානව වර්ගයා විශේෂ දෙකකට බෙදෙනවා. මේ විශේෂ වලින් එකක් භූගතව ජීවත් වෙනවා. භූගතව ජීවත් වෙනකොට ඔවුන්ට මේ කෘමි ලක්ෂණ ඇති වෙනවා. හොපි, සූනි, සහ නවාහෝ වැනි ජනප්‍රවාදවල පවා කියන්නේ මේ තුන්වන සහ හතරවන ලෝක අතර සංක්‍රාන්ති කාලය තුළ, අද මේ ලෝකය වාසයට සුදුසු නොවුණු නිසා, ඔවුන්ට භූගතව ජීවත් වෙන්න සිදුවුණු බව. ඔවුන් මේ අයට "කුහුඹු මිනිස්සු" කියලා කිව්වා. ජේ-රොඩ් කියන්නේ ඇත්තටම අපේම අනාගතයේ සිටින කෘමි ස්වරූපයක් ඇති මිනිසෙක්ද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්...
ජේ-රොඩ්ගේ වාර්තා මඟින් හොපි කතා වල "කුහුඹු මිනිසුන්" මිත්‍යාවක් නොව, සත්‍යයක් බව තහවුරු කළ හැකිද? ඊනියා කෘමි ස්වරූපයන් ඇත්තටම සිටී නම්, ඔවුන් පිටසක්වළ ජීවීන් නොව, අනාගතයේ සිටින මිනිසුන්ද?
මැසචුසෙට්ස්' හි කේම්බ්‍රිජ්හි, මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) ලෝකයේ ශ්‍රේෂ්ඨතම මනස් එකට වැඩ කරනවා. MIT පර්යේෂකයන් නවෝත්පාදනයේ ඉදිරියෙන්ම ඉන්නවා, ඒ අතරට බලය රැහැන් රහිතව විදුලිය සම්ප්‍රේෂණය කිරීමත් ඇතුළත්. කාර්යක්ෂමව විදුලිය රැහැන් රහිතව සම්ප්‍රේෂණය කිරීම වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට අභියෝගයක් වුණා. රේඩියෝ තරංග, මයික්‍රෝවේව්, සහ ලේසර් කිරණ මගින් බලය සම්ප්‍රේෂණය කිරීම සාර්ථක වුණේ නැහැ.
හැබැයි 2007 දී, MIT පර්යේෂකයන්ට කාමරයක් හරහා අඩි 07 ක් දුරට බලය රැහැන් රහිතව ආරක්ෂිතව විදුලිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වුණා. මේක විදුලි රැහැන් කපා හැරීමේ පළමු පියවරක් ලෙස සැලකුණා. පුදුම සහගත දෙය නම්, සියලුම විදුලි උපකරණ නිතරම ස්වයංක්‍රීයව බල ගැන්වෙන, ආරෝපණය කිරීමක් හෝ වයර් අවශ්‍ය නොවන ලෝකයක්, ශතවර්ෂයකට පෙර, නිකොලා ටෙස්ලා විසින් මවාගෙන තිබුණා.
සමහර වාර්තා වලට අනුව, ඔහු ඇත්තටම ඒ ඉලක්කයට ළඟා වෙන්න ආසන්න වෙලා හිටියා. ටෙස්ලාගේ රැහැන් රහිත බලය පිළිබඳ අදහස් විවිධ විද්‍යාඥයන් විසින් කෙටියෙන් පරීක්ෂා කරලා තිබෙනවා. 1899 සිට 1900 දක්වා කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් හිදී ටෙස්ලා කළ පරීක්ෂණ මගින් රැහැන් රහිත භාවිතය ඇත්තටම කළ හැකි බව තහවුරු වුණා. ටෙස්ලා කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් වෙත ගියේ විදුලිය සැතපුම් ගණනක් දුරට යවන්න පුළුවන්ද කියලා බලන්න. ඒක අතිවිශාල ජයග්‍රහණයක්. ඔහුට විශාල කුළුණක් තිබුණා, අඩි 200 ක් උස. ඔහුගේ සහයකයා විද්‍යාගාරයේ සිටියා, ටෙස්ලා කිව්වා
"මම සංඥාව දුන්නාම, ස්විචය දාලා රැහැන් රහිත පද්ධතිය පණ ගන්වන්න" කියලා. ටෙස්ලා සමහරවිට සැතපුම් 4ක් දුර ගියා. ටෙස්ලා විදුලි බුබුළු පොළොවට ඇතුළු කළේ ඔහුගේ කුළුණ ඇත්තටම පොළොව සමඟ රැහැන් රහිත පරිපථයක් නිර්මාණය කරනවාද කියලා බලන්න. එහෙම වුණා නම්, බල්බ පත්තු වෙන්න ඕනේ. මේ විදුලි බුබුළු පත්තු වුණා. ඒ නිසා ඔහුට තේරුම් ගන්න පුළුවන් වුණා ඔහුට විශාල දුරකට විදුලි බලය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියලා. හැබැයි ඔහු ඒක රහසක් විදිහට තියාගත්තා. ඔහුගේ සහයකයාගෙන් පවා යාන්ත්‍රණය රහසක් විදිහට තියාගත්තා.
නිව්යෝර්ක්'හි ෂෝර්හැම් හිදී, 1901 දී, ටෙස්ලා බැංකුකරුවෙකු වන ජේ.පී. මෝගන්ව ඒත්තු ගන්වා ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ඩොලර් 150,000 ක් ලබා ගත්තා. හැබැයි ඔහු ඒ මුදල් පාවිච්චි කළේ වෝර්ඩන්ක්ලිෆ් කුළුණ (Wardenclyffe Tower) කියලා දැවැන්ත රැහැන් රහිත සම්ප්‍රේෂකයක් හදන්න.
වෝර්ඩන්ක්ලිෆ් අඩි 187 ක් උස වුණා, ඒ වගේම අඩි 120 ක් පොළොව යටට ගිහින් තිබුණා. ටෙස්ලා හිතුවා පෘථිවිය වටා විවිධ ස්ථානවල වෝර්ඩන්ක්ලිෆ් කුළුණ වගේම පෙනෙන ලැබෙන ස්ථාන හදන්න පුළුවන් කියලා. ඒ නිසා ඔබට රැහැන් රහිතව ස්ථානයෙන් ස්ථානයට ශක්තිය යවන්න පුළුවන්. ඔහු හිතුවා අවසානයේදී මේ එකම පද්ධතිය පාවිච්චි කරලා, විවිධ ග්‍රහලෝක වලට පවා බලය යවන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ටෙස්ලාගේ අධි කාර්යක්ෂම රැහැන් රහිත විදුලි විකාශන සිහිනය බිඳ වැටුණේ 1904 දී, ඔහුගේ අරමුදල් සපයන්නා වන ජේ.පී. මෝගන් ටෙස්ලාගේ සැබෑ අරමුණ දැනගත්තාමයි. ඒ අරමුණ තමයි පෘථිවියේ ඉන්න හැමෝටම නොමිලේ විදුලිය ලබා දීම.
අමතර අරමුදල් නොමැතිව, 1908 වන විට, ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හැර දැමුවා. 1917 දී කුළුණ කඩා බිඳ දැමුවා. කිසිම සමාගමක්, කිසිම සංස්ථාවක් තමන්ගේ තාක්ෂණය නොමිලේ දෙන්න කැමති නැහැ. ඒ නිසා ටෙස්ලාගේ වැඩ නවත්තලා දැම්මා, ලෝකයට නොමිලේ ශක්තිය නොලැබෙන්න.
හැබැයි නූතන විද්‍යාඥයන්ට අඩි 07 ක් දුරට විතරක් රැහැන් රහිතව විදුලිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙද්දී, ටෙස්ලාට සැතපුම් ගණනක් දුරට විදුලිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වුණේ කොහොමද? ටෙස්ලා ඔහුගේ බොහෝ සොයාගැනීම් වලට මුලික හේතුව ලෙස දැක්වූයේ ඒවා ඔහුගේ මනසින්ම සම්පූර්ණයෙන් අවබෝධ කරගැනීමේ හැකියාවයි. ඔහු දැඩි ආලෝක දැල්වීම් අත්දැක ඇති බවත්, ඉන්පසු දැඩි නිර්මාණශීලීත්වයක් සහ පැහැදිලි බවක් ඇති වූ බවත් විස්තර කළා. ඔහුට නව නිපැයුමක් පාහේ ත්‍රිමාණ සිතුවමක් වගේ ඇස් ඉදිරිපිට පෙනුණා. ඔහු කිව්වා මේ දර්ශන කරකවන්න, කෑලි කෑලි වලට කඩන්න පුළුවන් කියලා. ඒ වගේම ඔහුට හරියටම දැනගෙන හිටියා මේ දර්ශන මත පදනම්ව මේ නව නිපැයුම් හදන්නේ කොහොමද කියලා. ඔහුගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයන්ගෙන් එකක් තමයි භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රය (Rotating Magnetic Field), ඒක ආවේ ක්ෂණික බුද්ධියකින්.
නිකොලා ටෙස්ලාට හිතුණා විශ්වයේ කොහේහරි විශාල දැනුම් පදධතියක් තියෙනවා කියලා, මිනිස්සුන්ට ඒ දැනුම් පදනමට තමන්ගේ මනස හරියට සුසර කරන්න පුළුවන් නම්, ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා.
ටෙස්ලා විශ්වාස කළා අපි විශ්වයේ ඉන්න එකම බුද්ධිමත් ජීවීන් කියලා හිතන එක හාස්‍යජනකයි කියලා. එහෙමනම්, ඔවුන් බුද්ධි ධුරාවලියේ කොතැනද ඉන්නේ, ඔවුන් පෘථිවියේ ඉන්න බුද්ධිමත් බලවේගයක් සමඟ සන්නිවේදනය කරන්න බැරි ඇයි? ටෙස්ලා මේ පිටසක්වළ සන්නිවේදනය ගැන වාර්තා කළා, 1901 පෙබරවාරියේ කොලියර්ස් වීක්ලි (Collier's Weekly) සඟරාවට "ග්‍රහලෝක සමඟ කතා කිරීම" (Talking with the Planets) කියන ලිපියේ පිටසක්වළ ජීවීන් ගැන තමන්ගේ විශ්වාසය ප්‍රකාශ කළා. ටෙස්ලා වෙනත් ග්‍රහලෝක වලින් තවත් රේඩියෝ සන්නිවේදන ලබාගන්න උමතු වෙලා හිටියා. ටෙස්ලාට ලැබුණු මේ සම්ප්‍රේෂණ මත පදනම්ව, ඔහු න්‍යායක් ගොඩනැගුවා, මේ පිටසක්වළ ජීවීන් දහස් ගණනක් අවුරුදු තිස්සේ පෘථිවියේ ඉඳලා තියෙනවා කියලා, මේ පිටසක්වළ ජීවීන් මුල සිටම මානව වර්ගයාව පාලනය කරගෙන ඉඳලා තියෙනවා කියලා..
නිකොලා ටෙස්ලා වචනාර්ථයෙන්ම ලෝකය විද්‍යුත්කරණය කළා. ඊට පස්සේ, ජේ.පී. මෝගන්, ඉතා බලවත් මිනිසෙක්, මෝගන් එක්ක ඔහුට අමනාපයක් ඇති වෙද්දී, ඔහුට තවත් බලවත් මිනිසෙක් වන එඩිසන් එක්කත් ඉතිහාසගත අමනාපයක් ඇති වුණා. ඊට පස්සේ හෙළි වුණා ඔහු සමහරවිට අඟහරු ග්‍රහයාට සංඥා යවන්න උත්සාහ කළා කියලා. ඔහුගේ සතුරන් මේවා පාවිච්චි කළා ඔහුව අපකීර්තියට පත් කරන්න. ටෙස්ලා පරමාණු සූර්ය පද්ධති වගේ වැඩ කරනවා කියලා කිව්වා, ආලෝකය තරංගයක් සහ අංශුවක් ලෙස වැඩ කරන්න පුළුවන් කියලා කිව්වා..
අයින්ස්ටයින්ට ආලෝකය අංශුවක් වගේ වැඩ කරනවා කියල, නොබෙල් ත්‍යාගය ලැබුණා, බෝර්ටයි සහ රදර්ෆර්ඩ්ටයි පරමාණු පොඩි සූර්ය පද්ධති වගේ කියලා නොබෙල් ත්‍යාගය ලැබුණා. එහෙමනම් ක්වොන්ටම් භෞතික විද්‍යා ඉතිහාසයෙන් ටෙස්ලා අයින් කළේ ඇයි? ඔහු ඇත්තටම එහි හදවතේම ඉන්න කෙනෙක් වෙද්දී? ඉතින් මම හිතන්නේ භෞතික විද්‍යාඥයන් ඔහුට අසාධාරණයක් කරලා තියෙනවා, ඒකට හේතුව ඔහුගේ පිටසක්වළ ජීවීන් සමඟ ඇති සම්බන්ධයයි. නිකොලා ටෙස්ලා තමන්ගේ පරිකල්පනයට ඉඩ දුන්නා විතරක්ද, නැත්නම් ඔහු ඇත්තටම පිටසක්වළ ජීවීන් සමඟ සම්බන්ධ වෙලා හිටියාද?
නිකොලායි ටෙස්ලා සර්බියානුවෙක්, ඒ නිසා සර්බියාවේ බෙල්ග්‍රේඩ්' හි පිහිටා ඇති නිකොලා ටෙස්ලා කෞතුකාගාරයේ ඔහුගේ ලේඛන 160,000 කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේවායින් ටෙස්ලාගේ අනාගත සැලසුම් ගැන දුර්ලභ තොරතුරු හෙළිවෙනවා, ඒ අතරට සමහරු විශ්වාස කරන්නේ අභ්‍යවකාශ යානා වල චිත්‍ර පවා තියෙනවා කියලා. ඉතිහාසඥයින්ට අනුව, ටෙස්ලා ඔහුගේ පියාඹන යන්ත්‍රය ගැන වැඩ කරන්න පටන් ගත්තේ 1910දී. ඔහු අවධානය යොමු කළේ ක්ෂේත්‍ර තෙරපුම (Field Propulsion) නැත්නම් ගුරුත්වාකර්ෂණ විරෝධී (Anti-gravity) බලය පාවිච්චි කරන එකට!
ටෙස්ලා හොයාගෙන තිබුණා කියලා විශ්වාස කරනවා, 1920 ගණන් වලයි, 30 ගණන්වලයි ටෙස්ලා දිගින් දිගටම ගුරුත්වාකර්ෂණ විරෝධී යානා ගැන කතා කළා. ඒවාට ඔහුගේ වෝර්ඩන්ක්ලිෆ් කුළුණු වලින් ලැබෙන බලයෙන් ක්‍රියාකරන්න පුළුවන්. ඔහු කිව්වා මේ යානා වලට තටු හෝ ඉන්ධන අවශ්‍ය නැහැ කියලා. ඒවා සම්පූර්ණයෙන්ම විද්‍යුත් ඒවා. හැබැයි ටෙස්ලාගේ නිර්මාණ ඇත්තටම අලුත් ඒවාද, නැත්නම් පුරාණ ගගනගාමී න්‍යායවාදීන් යෝජනා කරනවා වගේ, අතීතයේදීත් මේ වගේ වාහන පෘථිවියට ඇවිත් තියෙන්න පුළුවන්ද?
පුරාණ ඉන්දියානු මහා කාව්‍යයන් වන වේද ග්‍රන්ථවල, විමාන (Vimanas) ගැන සඳහන් වෙනවා. මේවා දෙවිවරුන් විසින් එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීමට භාවිතා කළ පියාඹන රථ. මේ සමහර විමාන වලට කිසිදු වෙහෙසකින් තොරව ක්ෂණයකින් දිශාව වෙනස් කරන්න පුළුවන් වුණා. ඉතින් දැන් මේක නූතන දෘෂ්ටිකෝණයකින් කියවන කොට, යම් ආකාරයක ගුරුත්වාකර්ෂණ විරෝධී උපකරණයක් භාවිතා කරන්න ඇති කියලා කියන්න පුළුවන්. මහාභාරතය වැනි පුරාණ හින්දු ග්‍රන්ථවල පියාඹන යන්ත්‍ර පිළිබඳ නිරූපණ ඇත්තටම ටෙස්ලාට ගුරුත්වාකර්ෂණ විරෝධී අභ්‍යවකාශ යානා නිර්මාණය කිරීමට පිටසක්වළ දැනුම ලැබුණු බවට සාක්ෂිද? ඊනියා "පිස්සු විද්‍යාඥයා" ඇත්තටම පිටසක්වළ ජීවීන් සමඟ සම්බන්ධ වුණා නම්, ඔහු රහසින් ඔවුන්ගේ කැමැත්ත දිගටම ඉටු කළාද?
සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී, රාෆායෙල් ඇඩ්වාන්ස්ඩ් ඩිෆෙන්ස් සිස්ටම්ස් (Rafael Advanced Defense Systems) නමින් හඳුන්වන ඊශ්‍රායල අවි සමාගමක්, බල ශක්ති ස්පන්දනයකින් අහසේ මිසයිල වෙඩි තියන්න පුළුවන් ලේසර් ආරක්ෂක පද්ධතියක තොරතුරු හෙළි කළා. මේ අනාගතවාදී හමුදා දෘඪාංගයට කිව්වේ අයර්න් බීම් (Iron Beam) කියලා...
'අයර්න් ඩෝම්' නෙවෙයි 'අයර්න් බීම්'... මෙහි සංකල්පය තමයි, ඒක මූලික වශයෙන් අධි ශක්ති ලේසරයක්. ඒක නිර්මාණය කරලා තියෙන්නේ ඉලක්කය ඉක්මනින් (ආලෝකයේ වේගයෙන්) රත්කර දවාලන්න. අද අපි කතා කරන ගුවන් යානා, ඩ්‍රෝන, මිසයිල ආදී නගරයකට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් විදියේ ඕනෑම දෙයක්, මේ අයර්න් බීම් නිර්මාණය කළොත් අහසේදී ඉතා දුරකදී සම්පුර්ණයෙන් විනාශ කරන්න පුළුවන්...
මේක ටෙස්ලාගේ "මරණ කිරණ" (Death Ray) වගේමයි. 1920 ගණන්වලයි, 30 ගණන්වලයි ටෙස්ලා කතා කළේ මේ වගේම තාක්ෂණයක් ගැන, මිසයිල සහ වෙඩි තියන්න මේ කිරණ ආයුධ පාවිච්චි කරන එක ගැන. ඒත් එදා බලධාරීන් අයින්ස්ටයින්ගේයි ඔපන්හයිමර්ගේයි පරමාණු බෝම්බය පැත්ත ගත්තා, ටෙස්ලාගේ පැත්ත ගත්තේ නැහැ. හැබැයි දැන් අපි දකිනවා ඊශ්‍රායලය මේ අයර්න් බීම් තාක්ෂණය දියුණු කරනවා. මොකද ඔවුන් තේරුම් ගත්තා ලොකයේ පරමාණුක අවි වැඩියි කියලා. ටෙස්ලා කාලය දැකීමේ හෝ කාලතරණ තාක්ෂණයක් දියුණු කළාද, නැත්නම් ඔහුට මේ දියුණුවීම් ගැන දැනගන්න ලැබුණේ කෙසේද ?
නිකොලා ටෙස්ලා පිටසක්වළ ජීවීන් සමඟ සම්බන්ධ වුණා විතරක් නෙවෙයි, ඔවුන් විසින් මෙලොවට මෙහෙවරක් ඉටුකිරීමට හා එයින් මානව වර්ගයාට නව යුගයක් උදාකිරීමට එවන ලද්දක් බව විශ්වාස කරන අයත් ඉන්නවා. ඇත්තටම ටෙස්ලා කියන්නේ කවුද? ඔහු අවතාරයක්ද, මිනිසුන්ට උදව් කරන්න පෘථිවියට ආ බුද්ධිමත් ජීවියෙක්ද? එහෙම නැත්නම් අනාගතයෙන් ආ අපේ කෙනෙක්ද?
