අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව විපක්ෂ නායක ශ්‍රේෂ්ඨාධිකරණයට

විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව විපක්ෂ නායක ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස් ඇමතිට-පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු ආණ්ඩුව විපක්ෂ නායකවරයාට දේශපාලනය කරන්න තිබෙන අයිතියත් නැති කරලා "වෙනසක් හදන වසරක් 2024" යන සටන් පාඨය යටතේ සමගි ජන බලවේගය මගින් කොළඹ දී…

පොලිස් ඇමතිට-පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු 

ආණ්ඩුව විපක්ෂ නායකවරයාට දේශපාලනය කරන්න තිබෙන අයිතියත් නැති කරලා 


"වෙනසක් හදන වසරක් 2024" යන සටන් පාඨය යටතේ සමගි ජන බලවේගය මගින් කොළඹ දී අඟහරුවාදා (30) ආණ්ඩුවට එරෙහිව සංවිධානය කෙරුණු විරෝධතා ව්‍යාපාරයට පොලිසිය එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් නඩුවක් ගොනු කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට ඇත.

අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට පොලීසියට නියෝග දුන් මහ ජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට සේම නීතියට සහ අධිකරණ තීන්දුවට ගරු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන බව  සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. 

රටේ විපක්ෂ නායකවරයාට පවා දේශපාලනය කිරිමේ අයිතිය වර්තමාන ආණ්ඩුව නැති කර තිබෙන බව පෙන්වා දෙන රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමගි ජන බලවේගයේ විරෝධතාවයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉලක්ක කර මෙම කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩි දුරටත් චෝදනා කර සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව විපක්ෂ නායක ශ්‍රේෂ්ඨාධිකරණයට | Lanka Newsweek