අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විමල්-වාසු-උදය ගැන ජනපතිගේ උදහස එළියට

විමල්-වාසු-උදය ගැන ජනපතිගේ උදහස එළියට

කැබිනට්ටුවේ සිටිමින් කැබිනට් තීරණවලට එරෙහිව උසාවි යාම වැරදියි කැබිනට් තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත් වැරදියි ඇමතිකම්වලින් ඉවත් වෙලා එසේ කළ හැකියි (සුජිත් මංගල ද සිල්වා) වාසුදේව නානායක්කාර, විමල්…

කැබිනට්ටුවේ සිටිමින් කැබිනට් තීරණවලට එරෙහිව උසාවි යාම වැරදියි 

කැබිනට් තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත් වැරදියි 

ඇමතිකම්වලින් ඉවත් වෙලා එසේ කළ හැකියි  

විමල්-වාසු-උදය ගැන ජනපතිගේ උදහස එළියට

(සුජිත් මංගල ද සිල්වා)

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. 

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් එසේ කළ යුත්තේ සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වීමෙන් අනතුරව බව ද, එසේ නොකර කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට්තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමක් වන බව ද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පුවත්පත් කර්තෘවරුන් ඇතුළු ජනමාධ්‍ය ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේ දී සඳුදා (27) පැවැති සාකච්ඡාවේ දී මී කාරණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ප්‍රධානීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් වන අතර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් මාර්ක් ප්‍රනාන්දු විනිශ්චකාරවරයා ලබා දී තිබෙන තීන්දුව ගැන ද ඔහු මෙහිදී සිහිපත් කළේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විමල්-වාසු-උදය ගැන ජනපතිගේ උදහස එළියට | Lanka Newsweek