අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපතට පත් ජනතාවට සහන ඉල්ලා විපක්ෂ නායක ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතවරයා හමුවෙයි

විපතට පත් ජනතාවට සහන ඉල්ලා විපක්ෂ නායක ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතවරයා හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා ලෙස කටයුතු කරන Takafumi Kadono මහතා අතර සුවිශේෂී හමුවක අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. දිට්වා සුළි…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා ලෙස කටයුතු කරන Takafumi Kadono මහතා අතර සුවිශේෂී හමුවක අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිත Takafumi Kadono මහතා හමු විය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අප රට බංකොලොත් වූ අවස්ථාවේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් නගා සිටුවීම උදෙසා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් සිදු කිරිම සම්බන්ධයෙන් Takafumi Kadono මහතා වෙත සිය ස්තූතිය පිරිනැමීය. ඉන් අනතුරුව පවතින ආපදා තත්ත්වයෙන් සිදු වූ විනාශය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිත Takafumi Kadono මහතාව දැනුවත් කළ අතර මේ අසීරු අවස්ථාවේ නැවත රටක් ලෙස නැගී සිටීමට සහයෝගය ලබා දෙන ලෙස ද ගෞරවයෙන් ඉල්ලා සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න