අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ බලවේග එකට එකතු කරන්න කරූ පෙරට එයි

විපක්ෂ බලවේග එකට එකතු කරන්න කරූ පෙරට එයි

රට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයෙන් මුදා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙළක් ගොඩනැගීම වෙනුවෙන් විපක්ෂයේ සියලුම බලවේග එක්සත් කිරීමේ අවශ්‍යතාවය පෙර දැරිව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…

රට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයෙන් මුදා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙළක් ගොඩනැගීම වෙනුවෙන් විපක්ෂයේ සියලුම බලවේග එක්සත් කිරීමේ අවශ්‍යතාවය පෙර දැරිව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් සඳුදා (10) කොළඹ දී පැවැත්විණ.

කොළඹ 05, අමරසේකර මාවතේ පිහිටි කරු ජයසූරිය මහතාගේ නිවසේ පැවැති මෙම සාකච්ඡාවට කරු ජයසූරිය මහතා සමග හිටපු ආණ්ඩුකාරවරුන් වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, රජිත් කීර්ති තෙන්නකෝන් සහ අසාද් සාලි යන මහත්වරුන් ද, නීතිඥ ශිරාල් ලක්තිලක සහ නීතිඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරු ද එක්ව සිටියහ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සමග පැවැති මේ සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු කෙරුණේ රටක් ලෙස අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සමාජ, ආර්ථික සහ දේශපාලන අභියෝගයන් ජය ගත හැකි ක්‍රියාකාරී පොදු බලවේගයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය කෙරෙහිය. 

මෙම සංවාදය රටේ සියලු විපක්ෂ බලවේග සමගද තව දුරටත් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය එහිදී දෙපාර්ශ්වයම පිළි ගත් අතර ඒ සඳහා වන එකඟත්වයකට ද සියලු පාර්ශව පැමිණියහ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයසේකර සහ නීතිඥ නාමල් රාජපක්ෂ යන මහත්වරු ද  මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.    

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විපක්ෂ බලවේග එකට එකතු කරන්න කරූ පෙරට එයි | Lanka Newsweek