විපක්ෂ නායක 39%ක ජන මතයක් වාර්තා කර ඇත්තේ 5000ක නියැදියකින්

උතුරු-නැගෙනහිර නැතිව ජාජබය සිය ජන මතය උරගා බැලීමට යොදා ගන්නේ 500ක නියැදියක් විපක්ෂ නායකට 50% ක ප්‍රතිශතය ඉක්මවා යාම පහසුයි හොර පාරෙන් බලය නොගැනීමේ ප්‍රතිපත්තිය ඇගයීමට "සක්වළට" සහ "හුස්මට" ප්‍රසංශා..!…
උතුරු-නැගෙනහිර නැතිව
ජාජබය සිය ජන මතය උරගා බැලීමට යොදා ගන්නේ 500ක නියැදියක්
විපක්ෂ නායකට 50% ක ප්‍රතිශතය ඉක්මවා යාම පහසුයි
හොර පාරෙන් බලය නොගැනීමේ ප්‍රතිපත්තිය ඇගයීමට
"සක්වළට" සහ "හුස්මට" ප්‍රසංශා..!
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය 39%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනු ඇති බව හෙළිදරව් වී ඇත්තේ උතුරු-නැගෙනහිර හැරුණු කොට රටේ අනෙකුත් පළාත් නියෝජනය වන පරිදි තෝරා ගත් පුද්ගලයින් 5000ක නියදියකිනි.
පුද්ගලයින් 5000ක නියැදියක් යොදා ගෙන මෙම ජන සමීක්ෂණය සිදු කර ඇත්තේ රටේ පක්ෂ-විපක්ෂ සියලු දේශපාලන පක්ෂ සේම ශ්‍රී ලංකාවේ සියලු විදේශ තානාපති කාර්යාල පවා පිළි ගන්නා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකට මත විමසුම් ආයතනයක් මගිනි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය 20%ක ඡන්ද ප්‍රතිශතයක් ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 9%ක ඡන්ද ප්‍රතිශතයක් ද, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිවෙළින් 5%ක ඡන්ද ප්‍රතිශතයක් ද ලබා ගනු ඇතැයි පුරෝකථනය කර ඇත්තේ ද මෙම 5000ක නියැදිය නියෝජනය කළ ජනතාව විසින්මය.
දැන්වීම
දේශපාලන කූට ගණුදෙනු සහ උපාය උපක්‍රම ඔස්සේ (Political Deal) රටේ ජනාධිපති හෝ අගමැති වීමට කුමන්ත්‍රණය නොකර පැහැදිලි ජන වරමකින් එම තනතුරුවලට පත් වීමට ජනතාව සමග එක්ව සහ ජනතාව සංවිධානය කරමින් ආණ්ඩුවට එරෙහිව ඍජුව සටන් කිරීම මෙම ජන මත සමීක්ෂණයේ දී ඊට එක්වූ ජනතාව අගය කර ඇත.
රාජ්‍ය බලය ලැබෙන තරු බලා ගෙන නොසිට "සක්වළ" සහ "හුස්ම" ඇතුළු සමාජ සත්කාරක වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් තැලෙන-පොඩි වන-අව වරප්‍රසාදිත ගම් මට්ටමේ, බිම් මට්ටමේ සහ නගර මට්ටමේ ජනයා වෙනුවෙන් සිදු කරන මෙහෙවර සම්බන්ධයෙන් එම ජනයා මෙහිදී සිය ප්‍රසංශාව පළ කර ඇත.
මෙම ජන මත සමීක්ෂණයේ විශේෂත්වය වන්නේ උතුරු-නැගෙනහිර දෙපළාත හැරුණු කොට රටේ අනෙකුත් පළාත් සියල්ල ආවරණය වන පරිදි 5000ක පිරිසක් නියැදියක් ලෙස ගෙන මෙම සමීක්ෂණය සිදු කර තිබීම වන අතර සාමාන්‍යයෙන් ජාතික ජන බලවේය සිය ජන මතය උරගා බැලීම සඳහා යොදා ගන්නේ පුද්ගලයින් 500ක අවම නියැදියක් බව සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් "lankanewsweek" සමග තහවුරු කර සිටියේය.
උතුර හැරුණු විට නැගෙනහිර පළාතේ සම්පූර්ණ බලය රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මුස්ලිම් නායකයන් දෙදෙනා සතු වන අතර, ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බව ඔවුන් දෙදෙනා දැනටමත් නිල වශයෙන් සහ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, මෙම ජන මත සමීක්ෂණයට එක්වූ පිරිසෙන් බහුතරය පුරෝකථනය කර ඇත්තේ, නැගෙනහිර පළාතේ මුස්ලිම් ඡන්ද සහ උතුරු පළාතේ ද්‍රවිඩ ඡන්ද එකතු වූ විට ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට 50%ක ප්‍රතිශතය ඉක්මවා යෑමේ ඉතා පහසු වනු ඇති බවය.