අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

විපක්ෂ නායක සරසවි ඇදුරන් වෙනුවෙන් හඬ නගයි

විපක්ෂ නායක සරසවි ඇදුරන් වෙනුවෙන් හඬ නගයි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් දරා ගත නොහැකි බදු අය කිරීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින හෙයින් එසේ බදු අය කිරීම වහාම නවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා…

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් දරා ගත නොහැකි බදු අය කිරීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින හෙයින් එසේ බදු අය කිරීම  වහාම නවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (05) රජයෙන් ඉල්ලා සිටියේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙසේ ගසා කන විට එම විශ්ව විද්‍යාල ප්‍රජාව රට අත හැර යෑම පුදුමයක් නොවේ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ අතර ඔහු මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (02) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

ආචාර්යවරුන්ගේ වැටුප්වලින් විශාල ප්‍රමාණයක් බදු ලෙස අය කර ගන්නවා. වැටුපෙන් ලක්ෂයකට වැඩි මුදලක් බදු ලෙස ගන්නවා. මේ නිසා ඒ අයට අද  ජීවත් වෙන්න බෑ. මේ තත්ත්වය නිසා ඔවුන් රට අත හැර යනවා. මේ හේතුවෙන් ඇදුරන්ගේ බරපතළ ඌනතාවයක් ඇති වෙලා තියෙනවා. රටේ බුද්ධි ගලනය වැඩි වෙලා. මේ ප්‍රශ්නය ගැන රජය පූර්ණ අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති විය යුතුයි."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න