අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයට

77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයේ පැවැති නිදහස් දින උත්සවයට සහ ආගමික වතාවත් සඳහා අද (04) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විහාරයට පැමිණියේය.…

77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයේ පැවැති නිදහස් දින උත්සවයට සහ  ආගමික වතාවත් සඳහා අද (04) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විහාරයට පැමිණියේය. 

1948 පෙබරවාරි 4 වැනි දා මෙරටට නිදහස ලැබීමෙන් අනතුරුව එවක අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතා විසින් මෙම විහාරස්ථානයට පැමිණ එවක විහාරාධිපති පූජ්‍යපාද හංචාපොළ විමලවංශ අනුනායක හිමියන්ගේ ආශිර්වාද මැද අඹ පැලයක් රෝපණය කර තිබේ. එය සංකේතවත් කරමින් සෑම වසරකම නිදහස් දා උදෑසන මෙම විහාරස්ථානයේ නිදහස් දින සැමරුමක් සහ විහාරස්ථානයේ ඇති ඩී. ඇස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම සිදුවේ. මෙවරද එම සැමරුම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එම අවස්ථාව සදහා දේශපාලනඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් එක්ව තිබුණි. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයට

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයට

(අචින්ත මධුර)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න