විපක්ෂ නායක සජිත් පලාත් සභා ඉල්ලයි

ඕනෑම ලිට්මස් පරික්ෂණයකට අපි සූදානම්.. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් සමගි ජන…
ඕනෑම ලිට්මස් පරික්ෂණයකට අපි සූදානම්.. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න
සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති ගරුකව සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ජනතා ගැටලුවලට විසදුම් ලබා දීමට එකට වැඩ කිරිමට සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදාදා (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
එහි දී පක්ෂවල අනන්‍යතාව රැක ගෙන කටයුතු කළ යුතු බවද පෙන්වා දුන් විපක්ෂ නායක වරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ, මේ එකතු වීම අවස්ථාවාදී දේශපාලන ඉලක්ක කේන්ද්‍ර කර ගෙන නොව ප්‍රතිපත්තිගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සැපයීම වෙනුවෙන්ම සිදු විය යුතු බවයි .