අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායක මුත්තුර් නගර් ඉඩම් ගැටලුව සොයා බලන්න යයි

විපක්ෂ නායක මුත්තුර් නගර් ඉඩම් ගැටලුව සොයා බලන්න යයි

(අචින්ත මධුර) ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ නගර සහ කඩවත් සතර බලප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන නහරවෙට්ටුවාන්, මද්දියවේලි, මුත්තුනගර යන බලප්‍රදේශවල පවුල් 350ක් පුද්ගලයන් 1000කට වැඩි ප්‍රමාණයක් 1972 සිට වසර 53ක්…

(අචින්ත මධුර)

ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ නගර සහ කඩවත් සතර බලප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන නහරවෙට්ටුවාන්, මද්දියවේලි, මුත්තුනගර යන බලප්‍රදේශවල පවුල් 350ක් පුද්ගලයන් 1000කට වැඩි ප්‍රමාණයක් 1972 සිට වසර 53ක් නොකඩවාම බඩඉරිගු, වී ගොවිතැන, එළවළු ගොවිතැන, රටඉදි, කොමඩු ආදී වගා කටයුතු කළ ගොවිබිම් අක්කර 800ක වගා කටයුතු 2023 සිට නතර කිරීමට පසු ගිය ආණ්ඩුව කටයුතු කර ඇත.

එසේම 2024 අගෝස්තු මාසයේ නඩු දමා 2025 අධිකරණ නියෝගයක් මත මේ වගා බිම් තහනම් කිරීම නිසා මේ ගොවි ජනතාව අසරණ බාවයට පත්ව ඇත. වසර 50කට වැඩි ප්‍රමාණයක් වගා කටයුතු කළ ඉඩම් වරායේ ඉඩම් යනුවෙන් අයිතිවාසිකම් කියා අක්කර 200ක් සෝලා බලශක්තිය වෙනුවෙන් සමාගම් ගණනාවකට ලබා දී ඇති තත්වය තුල ගොවි පවුල් 350කට බරපතල ආසාධාරණයක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නිරීක්ෂණය විය.

මේ වන විටත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කර තිබෙන පසුබිමක ඉදිරියේදීත් මේ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදීව ගත හැකි සියලු ක්‍රියා මාර්ග වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය පෙනී සිටින බවට එම පිරිස හමුවේ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න