විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස ඒකමතිකව දිනා ගනී

(සුජිත් මංගල ද සිල්වා ) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් තීරණය කර තිබේ. එක්සත් ජාතික…
(සුජිත් මංගල ද සිල්වා )
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් තීරණය කර තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයින් සමග ද දීර්ඝ වශෙයන් කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූලස්ථානයේදී බ්‍රහස්පතින්දා (05) රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම මේ තීරණය ගනු ලැබුවේ ඒකමතිකවය.
දැන්වීම
ඒ අනුව මේ තීරණය කතානායක කරු ජයසූරිය මහතා වෙත නිල වශයෙන් ලිඛිතව දැනුම් දෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දී තිබෙන්නේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළි ගෙන එම ධූරය සඳහා ඔහුගේ නම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙසය.
