අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායකයා විහිළු කාරයෙක් වෙලා

විපක්ෂ නායකයා විහිළු කාරයෙක් වෙලා

මහා සංඝ රත්නය අවධාරණය කරති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියන චරිතය විහිළු කාරයකු බවට පත් වෙලා යැයි ද, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නැතැයි ද ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරාධිපති…

මහා සංඝ රත්නය අවධාරණය කරති


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියන චරිතය විහිළු කාරයකු බවට පත් වෙලා යැයි ද, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නැතැයි ද ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ අවධාරණය කර සිටිති.

අගමැතිකම භාර ගන්න යැයි කියා ජනාධිපතිවරුන් දෙදෙනෙකුම කතා කළත් එම තනතුර භාර නොගෙන අද මහා පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනවා යැයි කියමින් මේ කරන්න යන විහිළුව කුමක්දැයි ද උන්වහන්සේ ප්‍රශ්න කර සිටිති.  

මහා පාරට ඇවිත් අරගලකරුවන් උද්ඝෝෂණය කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සිටින 225 ම වගකිව යුතු බව ද විහාරාධිපති හිමියෝ අවධාරණය කළහ.

වත්මන් පාලකයන් අරගලකරුවන්ව හඳුන්වන්නේ රාජද්‍රෝහීන් ලෙස යැයි ද, රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට ද, භාෂණයේ සහ ලේඛනයේ අයිතියක් තිබෙන බව ද පෙන්වා දෙන නා හිමියෝ ජනතාවගේ හඬට ඇහුම්කන් දී පාර්ලිමේන්තුව ඇතුළත මේ ප්‍රශ්න විසඳා ගත යුතු යැයි ද කියා සිටිති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විපක්ෂ නායකයා විහිළු කාරයෙක් වෙලා | Lanka Newsweek