විපක්ෂ නායකයා ඉස්ලාම් අන්තවාදය පෝෂණය කළ හැටි මෙන්න..!

සැබෑ ත්‍රස්තවාදීන් සිටින්නේ සජිත් ප්‍රේමදාස එක්කයි සජබය ත්‍රස්තවාදීන්ට පහසුකම් සපයනවා රටට ආදරයක් තිබේ නම් සජබයෙන් ඉවත් වී ස්වාධීන වීමට එම මන්ත්‍රීන් ක්‍රියා කළ යුතුයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සජබයේ…
සැබෑ ත්‍රස්තවාදීන් සිටින්නේ සජිත් ප්‍රේමදාස එක්කයි
සජබය ත්‍රස්තවාදීන්ට පහසුකම් සපයනවා
රටට ආදරයක් තිබේ නම් සජබයෙන් ඉවත් වී ස්වාධීන වීමට එම මන්ත්‍රීන් ක්‍රියා කළ යුතුයි
ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සජබයේ රෙදි ගලවති
"නොදන්න දේ නොකියා හිටහං අප්පුහාමි"

(අචින්ත මදුර සමරසිංහ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද, ඔහුගේ නායකත්වය ලබා දෙන සමගි ජන බලවේගය සහ එහි ජ්‍යෙෂ්ඨ නායකයින් සිදු කරමින් සිටින්නේ රටට-ජාතියට එරෙහිව ත්‍රස්තවාදීන්ට පහසුකම් සපයමින් ත්‍රස්තවාදය පෝෂණය කිරීම යැයි බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සාක්කි-සාධක සහිතව බරපතළ චෝදනාවක් එල්ල කර සිටිති.
ත්‍රස්තවාදීන්ට මුදල් පොම්ප කරන "Qatar Fund" හී කොළඹ කාර්යාලය එදා විවෘත කළේ වත්මන් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා යැයි පෙන්වා දෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ යහ පාලන රජය සමයේ දී ත්‍රස්තවාදීන්ට එරෙහි දේශප්‍රේමීන් අත්අඩංගුවට ගෙන
ත්‍රස්තවාදීන්ට වැඩෙන්න අවස්ථාව ලබා දුන්නේ වර්තමානයේ සමගි ජන බලවේගය නියෝජනය කරන එවකට මැති ඇමතිවරුන්ව සිටී කණ්ඩායම යැයි ද සඳහන් කළහ. දෙන්න වැඩ කලේ දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්න සමගි ජන බලවේගයේ එවක ඇමතිලා.
දැන්වීම
"තරාදිය" ලකුණින් යුතු "මුස්ලිම් ජාතික සන්ධානය" නමැති ජාතිවාදී, ආගම් වාදී සහ අන්ත වාදී දේශපාලන සන්ධානය ගොඩනඟා සිය පටු දේශපාලන වාසිය වෙනුවෙන් රටට එරෙහිව මහා මැතිවරණයේ දී ජාති වාදය සහ ආගම් වාදය ඇවිස්සුවේ සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ අගසව්වන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යැයි ද උන්වහන්සේ චෝදනා කර සිටිති.
සැබෑ ත්‍රසතවාදීන්, අනත වාදීන්, ජාති වාදීන් සහ ආගම් වාදීන් වන්නේ වත්මන් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයේ දී සිය සමීපයට ගෙන සිටී කණ්ඩායම යැයි ද, ත්‍රස්තවාදීන්ට එදා තඹ දුන්න රිෂාඩ් බදුර්දීන් වෙනුවෙන් අදටත් ඔහු සහ එම පක්ෂයේ ජේෂ්ඨයින් පෙනී සිටින්නේ යැයි ද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියා සිටිති.
මේ රටට-ජනතාවට සැබෑවටම ආදරයක් තිබෙනවා නම් සහ විළි ලැජ්ජාවක් තිබෙනවා නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළ යුත්තේ ත්‍රස්තවාදීන්ට පහසුකම් සපයන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු එම පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වීම යැයි ද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ වැඩි දුරටත් අවධාරණය කර සිටිති.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ඉස්ලාම් අන්ත වාදය පෝෂණය කරමින් ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන් හැටි හෙළිදරව් කරමින් බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව කියා සිටින්නේ එම පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමිනි.
මේ ලිපිය මගින් බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාක්කි-සාධක සහ කරුණු සහිතව එල්ල කර තිබෙන චෝදනාවලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ සමගි ජන බලවේගය හෝ හෙක්ටර් අප්පුහාමි මේ දක්වා පිළිතුරු ලබා දී නොමැති අතර එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.
නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි
සමගි ජන බලවේගයේ හෙක්ටර් අප්පුහාමි කියලා මන්ත්‍රී කෙනෙක් එකපාරටම නින්දෙන් ඇහැරලා වගේ ඇවිල්ලා අපිට ඇඟිල්ල දිග් කරලා තියෙනවා. බොදු බල සේනා සංවිධානය මේ වගේ කුණු ගොඩවල් අවුස්සන්නේ නැති වුවත් බබ්බු වෙන්න හදන අප්පුහාමිලාට පිළිතුරු ලබා දිය යුතුයැයි හිතනවා.
අප්පුහාමි පලවෙනි කාරණය විදිහට කියනවා,
"අපි කියනවා ඥානසාර ස්වාමින් වහන්සේට පාස්කු ප්‍රහාරය පුංචි දෙයක් කියලා සැහැල්ලුවට ගන්න එපාලු. ඒක ජාතිවාදී විදිහට සලකන්න එපාලු. හැගීම්බර මිනිස්සු තමයි කියන්නේ ඒකට සාධාරණය ඉෂ්ඨ කරන්න කියලා."
යහපාලන ආණ්ඩුවේ බකන් නිලාගෙන හිටපු අප්පුහාමි මට කියලා දෙන්න එනවා පාස්කු ප්‍රහාරය පුංචි දෙයක් නෙවෙයි කියලා. පුංචි දෙයක් නොවෙන නිසා තමයි අවුරුදු ගානක් තිස්සේ මෙහෙම විනාශයක් වෙන්න යනවා කියලා කෑ ගහලා ජාතියට කිවුවේ. අපි අපේ යුතුකම ඉෂ්ඨ කළා. අප්පුහමිලා ඒ කාලේ මොකද කළේ..? අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි පෝෂණය කරපු එක. ඔය කියන අන්තවාදී කල්ලි සේරම එකතු කර ගෙන 2015 අවුරුද්දේ යහ පාලන රජය හැදුවා. ඊට පස්සේ යහ පාලන රජය ත්‍රස්තවාදීන්ට වැඩෙන්න උදව් කළා. අප්පුහමිලා ඒවාට විරුද්ධ වුණා..? දැන් එනවා කිඹුල් කඳුළු හලන්න. පාස්කු ත්‍රස්තවාදීන්ට හැදෙන්න වැඩෙන්න තඹ දුන්නේ කවුද..? යහ පාලන ඇමතිලා ත්‍රස්තවාදීන්ට මුදල් පොම්ප කරපු කටාර් ෆන්ඩ් කොළඹ කාර්යාලය විවෘත කළේ දැන් සමගි ජන බලවේගයේ අප්පුහාමිගේ නායකයා සජිත් ප්‍රේමදාස. ඒ දවස්වල ත්‍රස්තවාදීන්ට වැඩෙන්න පහසුකම් සපයලා දැන් එනවා මෙතන කිඹුල් කඳුළු හෙලන්න.
මේ ත්‍රස්තවාදීන්ට තිබුණ ලොකුම බාධක ටික යහ පාලකයින් ලවා නිහඩ කළා. රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි, මුජුබර් රහුමාන් පොලීසිවලට ගිහිල්ලා ඉහළ පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන තත්ත්වයට ආරක්ෂක අංශවල කොඳු කැඩුවා. අපිව හිරේ දාලා ත්‍රස්තවාදීන්ට වැඩෙන්න අවස්ථාව ලබා දෙන්න වැඩ කළේ දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්න සමගි ජන බලවේගයේ එවක ඇමතිලායි.
අප්පුහාමි ඒ කාලේ ඒවාට විරුද්ධ වුණා..? ඊළඟට මේ අප්පුහාමි කියනවා, "ඥානසාර හිමි කතා කරනවා මේ තලේබාන් ගැන. උන්වහන්සේ කතා කරනවා මේ බටහිර හස්තයක් ගැන. ඔබවහන්සේ මේ රටට ආදරේ කියලා කියනවා නම් වහාම ගිහිල්ලා කියන්න මේ කතාව CID එකට. මේ ගොල්ලෝ තමයි නිර්මාතෘවරු..මේ අය තමයි මේ දේ කළේ කියලා."
අප්පුහමිලාගේ පක්ෂයේ කට්ටියට ගමේ කියමනක් තියෙනවා "කනවැන්දුම් ගෑනු වගේ" කියලා. අන්න ඒ වගේ තැන තැන කට කියව කියව ගිහින්, CID එකට ගෙන්නලා විස්තර ඉල්ලුවාහම හිවල් රැලක් වගේ බයෙන් රොත්ත පිටින් CID එකට ගිහිං ලජ්ජා නැතුව සමාවත් අර ගෙන එළියට ඇවිල්ලා ගියපු හැටි අපි පහුගිය කාලයේ දැක්කා.
අප්පුහාමි දන්නේ නැති නම් යහ පාලන පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් අහගන්න. අපි සංවිධානයක් විදිහට “ISIS පන්නයේ ත්‍රස්තවාදී තර්ජන සහ ISIS වැනි ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධ විය හැකි සංවිධාන ගැන පැමිණිලි කිරීම" මැයෙන් 2016 ජුලි 5 වනදා එවකට යහ පාලන පොලීසියට පැමිණිලි කරලා තිබෙනවා මේ තර්ජන ගැන.දෙයක් වුණාට පස්සේ හොටු පෙරා ගෙන අඬන අප්පුහමිලා වගේ නොවෙයි. අපි දුර දිග බලලා අවශ්‍ය තොරතුරු ආරක්ෂක අංශවලට ලබා දීලා තිබෙනවා. අප්පුහාමිලාගේ පක්ෂයේ ජේෂ්ඨයෝ ඒ වගේ තත්ත්වයක හිටියට අපි අපේ වචනයක් ගානේ වග කියනවා. අපි කතා කරන්නේ සාක්ෂි සාධක මතම පදනම් වී පමණයි.
මේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාර නතර කරන ක්‍රමය ගැන අප්පුහාමි අබමල් රේණුවකවත් නොදන්නා පුස් මිනිහෙක් කියලා මේ කතාවෙන් හොඳින්ම වටහා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය අන්තවාදී තත්ත්වයට පත්වීමට මේ විදේශීය ත්‍රස්ත සංවිධානවල බලපෑම තිබෙනවා යැයි කියන මුලික කරුණවත් අප්පුහාමි දැන ගෙන නොසිට අපිට ඇගිල්ල දිගු කිරීම ඉතාමත් හාත්ස්‍ය ජනකයි.
1990 දශකයේ ශ්‍රී ලංකාවේ ජමාතේ ඉස්ලාම් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට තම සාමාජිකයන් යැවූ බවට ජීවමාන සාක්ෂිය ලෙස ජමාතේ ඉස්ලාම් නදීර් මවුලවි අදටත් ජීවත්ව සිටින බව අප්පුහමිලා දැන ගෙන නොසිටීම ගැන මේ අඳ බොළඳ ප්‍රකශ කිරීම නිසා පුදුම වන්නට ද කාරණයක් නැහැ. ඒ කියන ජමාතේ ඉස්ලාම් නායකයා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තහම ඔහුව බේරා ගන්න වැඩ කළේත් යහ පාලන අප්පුහාමිගේ පක්ෂයේ සගයෝ කියන එක දන්නේ නැත්නම් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් හම්බ වෙලා ඒක අහගන්න. ඒ වගේම අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බාර් නිදහස් කරලා යවන තත්ත්වයට ආරක්ෂක අංශවලට බලපෑම් කළේ කවුද යන්නත් අහලා බලන්න.
අප්පුහාමි දන්නේ නැති වුණාට අපි අවුරුදු ගානක් තිස්සේ ආරක්ෂක අංශවලට මෙන්ම බුද්ධි අංශවලට අවශ්‍ය තොරතුරු ලබා දී තිබෙනවා. අප්පුහාමිලාගේ ආණ්ඩුව වෙච්ච යහ පාලනය කාලේ බුද්ධි අංශ විනශ කරන කොට අප්පුහාමි නිදා ගෙන ද හිටියේ..? බුද්ධි අංශ සුනු විසුනු කරද්දී අපි බැරිම තැන අධිකරණයෙන් ඉල්ලීම් කළා බුද්ධි අංශවලට මෙහෙම කරන්න එපා, ජාතික ආරක්ෂාව විනාශ කරන්න එපා කියලා.. එහෙම කරද්දී අපිව අල්ලලා අවුරුදු 6කට හිරේ දැම්මා. බුද්ධි අංශ විනාශ කරලා පාස්කු ප්‍රහාරයට පාර කපලා දුන්නේ අප්පුහාමිගේ යහපාලන නායකයන් කියලා මතක් කර දිය යුතුමයි.
තබ්ලිග් මතධාරී තලේබාන් සංවිධානය ගැන කතා කරද්දී අප්පුහාමි අපිට ඇඟිල්ල දිගු කරන්නේ ඉතුරු වෙලා ඉන්න අන්තවාදීන්ගේ කොන්ත්‍රාත් තවමත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ලවා ඉෂ්ඨ කර ගන්නා නිසාදැයි අපි අනිවාර්යයෙන්ම ප්‍රශ්න කළ යුතුයි. මේ අප්පුහාමි ඉස්ලාම් අන්තවාදය ගැන නොදැන මට ඇගිල්ල දිගු කර සිදු කළ ප්‍රකාශයට අපි අනුකම්පා කළා කියමු කෝ.. නමුත් මේ දේශපලනයේ ඉන්න, මන්ත්‍රී කෙනෙක් වෙච්ච අප්පුහාමි දේශපාලනයත් දන්නේ නෑ නේ.
අප්පුහාමි මීළඟට කියනවා, "ඥානසාර හිමියනේ මේ රටේ ජාතිවාදය ගොඩනගන්න හදන්න එපා තවදුරටත්. මින් පස්සේ ජාතිය ආගම පාවිච්චි කරලා කිසි කෙනෙකුට දේශපාලනය කරන්න බෑ. ඥානසාර හිමියන් කට වහ ගෙන හිටියා පුත්තලමේ තරාදිය කියලා එක පක්ෂයක් නිර්මාණය කරලා සම්පුර්ණ මුස්ලිම් නියෝජිතයෝ විතරක් එහෙම නැත්නම් අපේක්ෂකයෝ විතරක් ඉදිරිපත් කරලා සිංහලයන්ට ඡන්දය දෙන්න එපා කියලා වැඩසටහනක් කරලා මන්ත්‍රී ධුරයක් අර ගෙන මන්ත්‍රී කෙනෙක් ආවා. ඒ මන්ත්‍රී ජාතිවාදී විදිහට ආවේ කියලා අපි ඇඟිල්ල දිග් කරනවා. ඒ මන්ත්‍රී අද ඉන්නේ කොහෙද පොහොට්ටුවේ. මේ ආණ්ඩුව අස්සේ සංවිධායකයෙක් විදිහට ඉන්නේ. එතකොට ඒ පක්ෂේ නිර්මාණය කරලා තියෙන්නේ පොහොට්ටුවමයි. එවැනි කටයුතු කළේ මේ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා."
මේකෙන් පස්සේ අප්පුහාමිගේ සදාදරණිය නායකයා සජිත් ප්‍රේමදාස කියයි, "නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි" කියලා. මොකද ඔය කියන “තරාදිය” ලකුණෙන් පුත්තලමේ තරග කළ සන්ධානය හැදුවේ පුතාණෝ ජනාධිපති කරන්න අගසව්වන් වගේ දෙපැත්තෙන් හිට ගෙන කටයුතු කරපු රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් දෙන්නයි. මේ ප්‍රසිද්ධ ප්‍රකාශය කරන්න පෙර අප්පුහාමිට තිබ්බා ජාතිවාදය අවුස්සලා මේ සන්ධානය හදපු හැටි සිය නායකයා වන සජිත් ප්‍රේමදාසගෙන් අහ ගන්න. එහෙම නොකර අප්පුහාමි “හරකෙක් වගේ” තප්පුලපු නිසා මේ සන්ධානයට මූලික වුණ ඉතිහාසය මම කියලා දෙන්නම්.
ඔය කියන “තරාදිය” ලකුණෙන් තරඟ කළ පක්ෂයේ නම තමයි "මුස්ලිම් ජාතික සන්ධානය" කියන්නේ. මේ පක්ෂය "මුස්ලිම් ජාතික සන්ධානය" වෙන්න පෙර නම තමයි "ශ්‍රී ලංකා මුස්ලිම් කච්චි" කියන්නේ. 1990 දශකයේ අශ්රොෆ්ගෙන් වෙන්වුණු සේගු ඉසඩීන් සහ අබ්දුල් රසුල් තමයි පක්ෂය හදන්න මුලික වුණ දෙන්නා.
ඊට පස්සේ මේ පක්ෂය ගත්ත කෙනා තමයි, යහපාලන හයිය අර ගෙන නාවික හමුදා නිලධාරියෙකුට පාර්ට් එක දැම්ම නසීර් අහමඩ්. ඒ කාලයේ අප්පුහමිලාගේ නායකයෝ නසීර් අහමඩ්ලා ඔඩොක්කුවේ තියා ගෙන හුරතල් කර කර හිටියේ. මම හිතන්නේ අප්පුහමි ඒ කාලේ ඉන්න ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ හෝ සජිත් ප්‍රේමදාසගේ මේස අස්සේ වෙන්න ඇති. පස්සේ නසීර් අහමඩ් පසුගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ එක අගසව්වෙක් වෙන රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒ නිසා අප්පුහාමි… නසීර් අහමඩ්ට සිද්ධ වුණා පක්ෂයෙන් අයින් වෙලා මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වය ගන්න. ඒ නිසා මේ “තරාදිය” පක්ෂයේ ලේකම් ලෙස පත් කළේ රවුෆ් හකීම්ගේ මස්සිනා.
පස්සේ පුත්තලම් දිස්ත්‍රික්කයට තරග කිරීම සඳහා අප්පුහාමි කියන විදිහට ජාතිවාදී සන්ධානයට රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් එකතු වුණා. රාවුෆ් හකීම් පාර්ශවයෙන් අනතුරකින් මිය ගිය ෆායිස් ඉදිරිපත් කළා. රිෂාඩ් බදුර්දීන් පාර්ශවයෙන් අලි ශබ්රි රහීම් ඉදිරිපත් කළා. ඒ දෙන්නව ඉදිරිපත් කරලා රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් අප්පුහාමිලා එක්ක සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වුණා. එතකොට කවුද මේ කියන “තරාදිය” ජාතිවාදී සන්ධානය හදලා තියෙන්නේ. අප්පුහාමිගේ නායකයෝ නේද..?
මේවා නොදැන ඉන්න අප්පුහාමි තොත්ත බබෙක්ද..? අප්පුහාමි ඔබගේ නායකයා සජිත් ප්‍රේමදාස පහුගිය ජනාධිපතිවරණයේ ලං කර ගෙන හිටිය අය තමයි සැබෑ ත්‍රස්තවාදියෝ…සැබෑ අන්තවදියෝ…එදා ත්‍රස්තවාදීන්ට තඹ දුන්න යහපාලන ඇමති රිෂාඩ් බදුර්දීන් වෙනුවෙන් අදත් පෙනී ඉන්නේ ඔබගේ පක්ෂයේ ජේෂ්ඨයෝ…ලැජ්ජාවක් තියෙනවා නම්, තමුන් මේ රටට සැබෑවටම ආදරේ කරනවා නම්, අප්පුහාමි…ඔය ත්‍රස්තවාදීන්ට පහසුකම් සපයන පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාධීන වෙන්න.

