අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායකයාගේ මන්ද මානසිකත්වයේ තරම මෙන්න..!

විපක්ෂ නායකයාගේ මන්ද මානසිකත්වයේ තරම මෙන්න..!

අනුර කුමාරගේ හෙළිදරව්වක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ආවේ ඇයි කියා පුතණුවෝ නොදනිති "භූ දේශපාලනය උගනිව්" -අනුර කුමාර- ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී…

අනුර කුමාරගේ හෙළිදරව්වක් 

ඇමරිකානු රාජ්‍ය ලේකම් ආවේ ඇයි කියා පුතණුවෝ නොදනිති  

"භූ දේශපාලනය උගනිව්" -අනුර කුමාර-

▶ වීඩියෝව නරඹන්න

(සුජිත් මංගල ද සිල්වා)


ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන්, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පදනම් කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයෙන් ඔහු කෙතරම් ළඳ බොළඳ, අඥාන සහ දේශපාලන සවිඥකතාවයක් නොමැති දුර්වල පුද්ගලයෙකු ද යන්න පිළිබඳව රට-ජාතිය හමුවේ තව තවත් හෙළිදරව් වූයේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී බදාදා (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩි දුරටත් මෙසේද කීය.

"ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් ජාත්‍යන්තර තලයේ නිර්මාණය වී තිබුණා. ඊට විශාල විරෝධයක් එල්ල වුණා. භූ දේශපාලනික වශයෙන් එම සංචාරය අතිශය තීරණාත්මකයි. ඔහු පැමිණයේ ජාත්‍යන්තර මහා යුද ගැටුමක සාකච්ඡාවක් සඳහායි. ඒ පැමිණීම සහ සාකච්ඡාව කලාපයට වගේම ජාත්‍යන්තරයට අතිශය තීරණාත්මකයි. බරපතළයි. එසේ තිබිය දී සජිත් ප්‍රේමදාස මහතා අහනවා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පනවා ඇති ඇමරිකානු සංචාරක තහනම මයික් පොම්පියෝට කියලා ඉවත් කර ගන්න බැරිද කියලා. ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කරන ලෙසට යෝජනා කළේත් ඔහුලු. මේ කතාවෙන් තේරුම් යන්නේ සජිත් ප්‍රේමදාසගේ මනස මේ වගේ ජාත්‍යන්තර සහ සංකීර්ණ විෂයන්වල දී කෙතරම් ළදරු සහ අපරිණත ලෙස ක්‍රියා කරනවාද යන්න පිළිබඳවයි."  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විපක්ෂ නායකයාගේ මන්ද මානසිකත්වයේ තරම මෙන්න..! | Lanka Newsweek