අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායකට පොලිසියෙන් බාධා

විපක්ෂ නායකට පොලිසියෙන් බාධා

(හේමන්ත තුසිත කුමාර) ගුරු විදුහල්පති විරෝධතාවයට එක්ව අත්අඩංගුවට පත් වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා(05) පෙරවරුවේ වරාය පොලිසියට…

(හේමන්ත තුසිත කුමාර)

ගුරු විදුහල්පති විරෝධතාවයට එක්ව  අත්අඩංගුවට පත්  වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා(05) පෙරවරුවේ වරාය පොලිසියට පැමිණි අතර එහිදී වරාය පොලිසියේ නිලධාරීන් විසින් ඊට බාධා පමුණුවනු ලැබීය. 

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ අත්තනෝමතික ලෙස රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමේ වගකීම විපක්ෂ නායකයා ලෙස තමන්ට ඇති බවය.

"අත්තනෝමතිකව අත්අඩංගුවට ගත් ගුරුවරුන් බලන්න විපක්ෂ නායකයාට අවසර නෑ. මේක මොන ප්‍රජාතන්ත්‍රවාදය ද? රටේ විපක්ෂ නායකයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, නීතිඥවරුන්ට පොලිසිය තුළ යෑමට අවසර නැත්නම් රටේ තිබෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් ද?" යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විපක්ෂ නායකට පොලිසියෙන් බාධා | Lanka Newsweek