අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂය බැඳුම්කර විවාදයෙන් පැන ගියා..!

‘‘සබරගමුව නව වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම 2018 සිට ’’

එජාපය ඕනෑම අවස්ථාවක විවාදයට සූදානම් (සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු…

එජාපය ඕනෑම අවස්ථාවක විවාදයට සූදානම්

(සුජිත් මංගල ද සිල්වා)

බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු විවාදයකට සූදානම් බව සභා නායක,උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම වාර්තාව සම්බධයෙන් ප්‍රකාශයක් කළ අවස්ථාවේදී ඒ ගැන විවාද කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි බල කර සිටී අයම,පාර්ලිමේන්තුව කැඳවූවාට පසුව අදාළ වාර්තාවේ පිටපත් ලැබී නොමැති බව කියමින් විවාදයෙන් පන යාම කණගාටුවට කරුණක් බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසයි.

දැන්වීම

විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට බල කරද්දී බැඳුම්කර වාර්තාවේ පිටපත් තමා සතුව නොමැති බව මේ අය දැන නොසිටියේ දැයි ද ඔහු ප්‍රශ්න කර සිටියි.

පාර්ලිමේන්තුව වහාම කැඳවන්න යැයි මේ සියලු දෙන බල කර සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය ඊට එකඟ නොවනු අති බවට වූ පුරව නිගමනය මත යැයි පෙන්වා දෙන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එක්සත් ජාතික පක්ෂයට සහ අගමැතිවරයාට සැඟවීමට කිසිවක් නොමැති බව ද කියා සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විපක්ෂය බැඳුම්කර විවාදයෙන් පැන ගියා..! | Lanka Newsweek