විපක්ෂය එකට එකතු කළ හැක්කේ කරූට විතරයි

කරූ හැර විකල්පයක් නැහැ කිසිම අපරාධ හෝ දූෂණ චෝදනාවක් නැහැ කරූ තමයි නියම Mr Clean..! රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ සරසවි තරුණ තරුණියෝ අවධාරණය කරති ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග…
කරූ හැර විකල්පයක් නැහැ
කිසිම අපරාධ හෝ දූෂණ චෝදනාවක් නැහැ
කරූ තමයි නියම Mr Clean..!
රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ
සරසවි තරුණ තරුණියෝ අවධාරණය කරති

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග එකට ඒකරාශී කළ හැක්කේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට පමණක් යැයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කර සිටිති.
පිළියන්දල "Dampe Village" හෝටලයේ දී "lankanewsweek" සමග විශේෂ සංවාදයකට එක් වූ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, හේමන්ත තුෂිත කුමාර, ලුම්බිණි ප්‍රමෝද්‍යා ලියනගේ සහ නිලන්ති මානෙල් චන්ද්‍රසේන යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කර සිටියේ කරු ජයසූරිය හැර විකල්පයක් නොමැති බවය.
දැන්වීම
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, හේමන්ත තුෂිත කුමාර, ලුම්බිණි ප්‍රමෝද්‍යා ලියනගේ සහ නිලන්ති මානෙල් චන්ද්‍රසේන යන එම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙසේ ද පැවසූහ.
"මේ රටට අනාගතයක් නැහැ. රටේ බුද්ධි ගලනයක් සිද්ධ වෙනවා. එක රටකුත් නැහැ. එක නීතියකුත් නැහැ. නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා. ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. යුක්තිය-සාධාරණය ඉටු වෙන්නේ නැහැ. සාමය නැහැ. මිනිස්සු ජාතීන් සහ ආගම් වශයෙන් බෙදිලා. ඒ සඳහා දේශපාලකයින් උල්පන්දම් දෙනවා. මේ දේශපාලකයින් රටට ආදරය නැහැ. මිනිස්සු ගැන ඒ අයට හැගීමක් නැහැ. අල්ලස, දූෂණ, වංචා සහ අක්‍රමිකතා මුළු රටම ගිල ගෙන සිටිනවා.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හැටියට ජනාධිපතිවරණයේ දී අපි සහයෝගය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට. ඒ කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් අවස්ථාවක් නොදුන් නිසා. ඇත්තටම අපි හිතුවා ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ වියත් මගත් එක්ක එකතු වෙලා මේ රටේ පෙරළියක් ඇති කරයි කියලා. නමුත් එසේ වුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ "Fail" වුණා. ඔහුගේ "වියත් මඟ" "විපත් මඟක්" වුණා. රට විනාශ වුණා. මිනිස්සු අනාථ වුණා.
ඒකයි අපි කියන්නේ මේ රට ගොඩ ගන්න නම් පෞද්ගලික සහ පවුල් අභිමතාර්ථ නොමැති රටට-ජනතාවට ආදරය කරන, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට කොන්දේසි විරහිතව එකතු විය හැකි, මහා සංඝ රත්නය ඇතුළු සර්වාගමික නායකයින්ගේ ආශීර්වාදය ඇති, කිසිදු අපරාධ සහ දූෂණ චෝදනාවක් නොමැති වැඩිහිටි ජාතික නායකයෙකු අවශ්‍යයි කියලා.
මේ සියලු සුදුසුකම් තිබෙන පුද්ගලයා හැටියට විශ්ව විද්‍යාල තරුණ තරුණියන් දකින්නේ දේශබන්දු කරු ජයසූරිය මහතාවයි. සමහරුන් කියනවා එතුමාට වයස වැඩියිලු. අපි කියන්නේ ඒ වයස වැඩිකමම ලොකු සුදුසුකමක්. දේශපාලනයේ දී වැදගත් වෙන්නේ වයස නොවෙයි. පරිනතභාවය. අත්දැකීම්. හැකියාව. වැඩ පිළිවෙළ. දර්ශනය. දැනුම. උගත්කම. ආර්ථික සහ කළමනාකරණ හැකියාව. ජාත්‍යන්තර සම්බන්ධතා. ඒ පිළි ගැනීම. මේ සියල්ල කරු ජයසූරිය මහතාට තිබෙනවා.
ඒ වගේම අපි කියනවා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එකතු විය යුතුයි කියලා. ඒ වගේම රවී කරුණානායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග වැනි දක්ෂයින් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට ආ යුතුයි. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු කාලය එළඹිලා. ඔහුට පුළුවන් ඉහළින් සිටිමින් සියල්ල සම්බන්ධීකරණය කර සිය හැකියාවන්ගෙන්, ද්කෂතාවයන්ගෙන්, අත්දැකීම්වලින් රටට-ජනතාවට විශාල සේවයක් කරන්න."